ආනොල්ඩ් 20 හැවිරිදි තරුණියක සමඟ විවාහ වීමට යයි.

Avatar Cinema.lk A | October 3, 2012 138 Views 0 Likes 0 Ratings

138 Views 0 Ratings Rate it

අසමසම කාය ශක්තියකින් හෙබි සුපිරි නළුවෙක් තමයි  ආනෝල්ඩ් ස්වසනේගර් කියන්නේ.දශක ගනනාවක් තිස්සේ සිනමාවේ ආදිපත්‍ය තමන් සන්තකව තියාගත් මේ සුපිරි වීරයාට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්.ඒ හින්දම ආනොල්ඩ්ට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරධුරයත් හිමි වුණා.කෙසේ වෙතත් හොලිවුඩයෙන් ආරංචි වෙන අලුත්ම වාර්ථා වලට අනුව අපට දැන ගන්න ලැබුනේ ආනොල්ඩ් තව සැරයක් විවාහ වීමට යන බවයි.මාධ්‍ය වෙත මේ ආරංචිය දීලා තියෙන්නේ ආනෝල්ඩ් ගේ බිරිඳ මරියා ශ්‍රිවර්.වැඩේ කියන්නේ හැට පැන්නත් වඳුරට බිම්න් ගමනක් නෑ කියනවා වගේ මේ වනවිට 65 වන වියේ පසු වන මේ නාකි ඉලන්දාරියා විවාහ වීමට යන්නේ  20 හැවිරිදි  තරුණියක් සමගලු.

දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වන ආනොල්ඩ් මේ කරන්නට සැරසෙන ක්‍රියාව සම්බන්ධයෙන් කැලිෆෝනියා වැසියන් තුළ තියෙන්නේ මහත් කනස්සල්ලක්.ඒ කොයි හැටි වෙතත් ආනොල්ඩ් නම් මේ කිසිම දෙයකින් සැලෙන පාටක් නම් පෙනෙන්නට නෑ.“මට මුදල් තියෙනවා,ඇති තරම් පිරිස් බලය තියෙනවා,ඒ වගේම අනාගතය ගැන හොඳ සැලස්මකුත් තියෙනවා,ඒ හින්ද මම කවුරුවත් කියන කිසිම දෙයක් අහන්න සුදානම් නෑ“යැයි වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Share

138 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.