ඇවිලෙනසුලු සංවාදයකට එක්වන්න – ඔබත් එන්න.

Avatar Nisanka Weheraduwa | April 23, 2021 161 Views 0 Likes 0 Ratings

161 Views 0 Ratings Rate it

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මගින් මාසික සිනමා සංවාද වැඩසටහනක් පවත්වාගෙන යනවා. කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ කටයුත්ත තාවකාලිකව නැවතුනත්, නැවත සුපුරුදු පරිදි ඒ වැඩසටහන් මාලාව සංවිධාන කිරීමට සංවිධායකයින් කටයුතු කොට තිබෙනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ චින්තන ධර්මදාස නිර්මාණය කළ “අවිලෙනසුලුයි” චිත්‍රපටය.

මේ චිත්‍රපටය නරඹන්නත්, ඒ පිළිබඳව කතාබහකට එක්වන්නත් ඔබටත් විවෘත ආරාධනයක් තිබෙනවා. අප්‍රේල් 24 වැනි සෙනසුරාදා සවස 1.00ට චිත්‍රපටය නරඹන්නත් ඉන් පස්සේ ඒ ගැන සංවාදයට එකතු වෙන්නත් අවස්ථාව තිබෙනවා. මෙවර සංවාද මණ්ඩපය නියෝජනය කරන්නේ බූපති නලින්, විදර්ශන කන්නන්ගර, ලංකා බණ්ඩාරනායක සමගින් රධිකා ගුණරත්න.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයට පැමිණෙන ලෙස සිනමාලෝලි ඔබ සැමටම සංවිධායකයින් ඇරියුම් කර සිටිනවා. අවිලෙනසුලු කතාබහකට එක්වන්න. ඔබත් එන්න.

Share

161 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.