ඉරාන චිත්‍රපට දැක්මක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | June 8, 2018 100 Views 0 Likes 0 Ratings

100 Views 0 Ratings Rate it

Cinema of post Islamic revolution of Iran (පශ්චාත් ඉරාන ඉස්ලාමිය විප්ලව අවදියේ සිනමාව) තේමාව යටතේ චිත්‍රපට උළෙලක් ඉරාන තානාපති කාර්යාලය මගින් සංවිධාන කොට තිබෙනවා. ඉරාන සංස්කෘතික ආයතනයේ  ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට උළෙල පැවැත්වෙනු ඇති. ජුනි මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දින පහ තුළ ඉරාන සිනමාපට පහක් තිරගත කිරීමට නියමිතයි.

34810772_10216219932315125_235692231653064704_n

ලෝක සිනමා ක්ෂේත්‍රයේ අවධානය දිනාගත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුගේ නිර්මාණ මෙම සිනමා උළෙල යටතේ තිරගත කිරීමට සුදානම්. Daryoush Mehrjui, Naser Taghrai, Ali Hatami, Masoud Kimiai නිර්මාණය කළ චිත්‍රප හතක් උළෙලට අයත් වනවා.

ජුනි 21  ප.ව. 6.00   – Mother

ජුනි 22  ප.ව. 6.00  – Love Stricken

ජුනි 23  ප.ව. 3.00  –  Hamoon

ජුනි 23  ප.ව. 6.00  – Leila

ජුනි 24  ප.ව. 3.00  – Captain Khorshid

ජුනි 24  ප.ව. 6.00  – The Banquet

ජුනි 25  ප.ව. 6.00  – The Rerdict

මෙම චිත්‍රපට හත උළෙලේදී තිරගත කෙරෙනවා. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන සිනමා උළෙල නැරඹීමට පැමිණෙන ලෙස ඉරාන සංස්කෘතික අයතනය සිනමා රසික සැමට ආරාධනා කර සිටිනවා.

Share

100 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.