එළියට යන්න හිතනවද..? ඊට කලින් මේ Film එකත් බලන්න.

Avatar Nisanka Weheraduwa | April 2, 2020 224 Views 0 Likes 0 Ratings

224 Views 0 Ratings Rate it

කොරෝනා නැතිනම් COVID-19 වෛරසය ගැන මේ වෙනකොට ඔබ දැනුවත්. නමුත් ඔබ තවමත් නිසි සෞඛ්‍ය උපදෙස් වලින් බැහැරව කටයුතු කරන්න උත්සාහ කරනවා කියන්නේ වෛරසය ව්‍යාප්තියේ බරපතලකම ගැන ඔබට අවබෝදයක් නැති නිසා විය හැකියි. මේ තත්වය අපට අලුත් අත්දැකීමක් වීමත් මේකට ප්‍රධාන හේතුවක්. මීට පෙරත් ලෝකයට බලපැවැත්වූ වෛරස කිහිපයක් ව්‍යාප්ත වුනත් ලංකාවේ ජීවත් වුන අපට එමගින් බලපෑමක් ඇති නොවුන නිසා අපි ඒ ගැන වැඩි අවධානයක් දැක්වූයේ නැහැ. නමුත් මෙවර, මේ වෛරසය අපට පහරදී අවසන්. මේ වනවිට 146 දෙනකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන තරේම ඉන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. ඔබ මේ වෛරසය ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් කළ යුතු දේ අතර මුලික වන්නේ මේ මොහොතේ හැකිතාක් නිවසටම වී කාලය ගතකිරීමයි. ඒ මොන විදිහේ සෞඛ්‍ය උපදෙස් ලැබුනත් ඔබට තවමත් පිටතට යන්න හිතෙනවා නම්, ඔබ තවම වෛරසයක ක්‍රියාකාරිත්වය සහ ව්‍යාප්තිය ගැන හරිහැටි වටහාගෙන නැහැ. ඒ නිසා, ඒ ගැන තවත් අදහසක් ගන්න විදිහක් තමයි මේ. මේ චිත්‍රපටය බලන්න. ඔබට ලේසියෙන්ම ඔබේ අතේ තියන Smart phone එකෙන් YouTube එකට Log වෙලා මේ “The Cassandra Crossing” චිත්‍රපටය බලන්න පුළුවන්.

මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ 1976 වසරේ. George Pan Cosmato තමයි මෙහි අධ්‍යක්ෂවරයා. අන්තර්ජාතික සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකානු මෙහෙයමක් කඩාකප්පල් කිරීමට ත්‍රස්තවාදීන් දෙදෙනෙක් උත්සහ කරනවා. ඔවුන්ට ආරක්ෂක අංශ වදී තබද්දී එක් අයෙක් මියයනවා. අනික් ත්‍රස්තවාදියා බරපතල තුවාල ලබනවා. ඉතිරි ත්‍රස්තවාදියා දිවිගලවාගත් බව ආරක්ෂක අංශ සොයා ගන්නවා. ඔහු රෝහල්ගත කොට නිරෝධායනය කෙරෙනවා. මාරාන්තික නිව්මෝනියා ලක්ෂණ සහිත වසංගත තත්වයක් ඇතිකරවන වෛරසයක් ඔහුට ආසාදනය වී ඇති බව සොයා ගැනීමත් සමග මේ ස්වීඩන් ජාතික ත්‍රස්තවාදියා ජෛව අවියක් ලෙස සකස්කොට ඇමරිකාවට පහරදීමට ඒවා ඇත්දැයි බලධාරීන් සක පළකරනවා. ඉදිරි පියවර කුමක්ද යන්න පිලිබඳ බලධාරීන් විවිධ මත ඉදිරිපත් කරන අතරතුර, ත්‍රස්තවාදියා පැනයනවා. ඔහු ජිනීවා සිට ස්ටොක්හෝම් බලා යන දුම්රියේ පලායමින් සිටින බව සොයාගැනීමත් සමග ඔහු ඉවත් කොට නිරෝධායනය කළයුතු බව බලධාරීන් තීරණය කරන නමුත් ඒ වනවිටත් දුම්රියේ සිටින මගින් ආසාදිතයින් වියහැකි බව තවත් අයෙක් තර්ක කරනවා. අවසානයේ දුම්රිය ගමන වෙනස් කොට පැරණි නාසි කඳවුරකට දුම්රිය ගෙනයා යුතු බවට තීරණය වනවා. කෙසේ නමුත් එම ගමන යාමට 1948 සිට භාවිතා නොකළ දුම්රිය මාර්ගයක් භාවිතයට සිදුවනවා. එහි මගදී හමුවන යකඩ ආරුක්කු සහිත පාලමක් වන Cassandra හුවමාරුවේදී දුම්රිය සමග පාලම කඩාවැටිය හැකි බවට අවදානම් හඳුනා ගැනෙනවා.

දුම්රිය හරවා යැවීමේ තීරණයත්, ආසාදිතයකු දුම්රියේ සිටීමත් ගැන දුම්රිය මගින් අතරද කලබලයක් ඇතිවනවා. විශේෂ ඔක්සිජන් සැපයුමක් මගින් දුම්රිය සීල් කිරීමට බලදාරින් කටයුතු කරනවා. හෙලිකොප්ටරයක් මගින් ආසාදිතයා ඉවත් කිරීමට දරන ප්‍රයත්නයේදී දුම්රිය උමං මාර්ගයකට ඇතුල්වීම හේතුවෙන් එයත් වැලකි යනවා. අසාදිතයා ඉවත් කිරීමට ඔවුන්ට හැකිවේද..? ඔහු සමග ගැටුණු දුම්රිය මගීන්ගේ ඉරණම කුමක් වේද..? ඔබ මේ චිත්‍රපටය නැරඹිය යුතුමයි. ව්‍යාප්ත වෙමින් පවතින ජෛවීය වෛරසයක් යනු කෙතරම් බරපතල කාරණයක්දැයි ඔබට වැටහේවි.

Share

224 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.