ඔටුන නොපලන් කුමාරයාගේ සිනමා ගමනේ මතක

Avatar Nisanka Weheraduwa | March 19, 2021 116 Views 0 Likes 0 Ratings

116 Views 0 Ratings Rate it

සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිවිෂන් මාධ්‍යයේ බොහොමයක් නිර්මාණ සමගින් ප්‍රේක්ෂකයින් අතරට ගිය අපූරු චරිතයක් ඔහු. හාස්‍ය රසය තියෙන නිර්මාණවල වගේම වෙනත් ඕනෑම චරිතයක් නිරුපණය කිරීමට ඔහුට ඇත්තේ අපූරු හැකියාවක්. කුමාර තිරිමාදුර නම්වූ මේ අපූරු රංගන ශිල්පියාට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ඔහුගේ රංගන කුසලතාවෙන් හැඩවුනු නිර්මාණ කිහිපයක් එක දිගට රසවිඳීමට අවස්ථාවක් උදාවී තිබෙනවා. ඒ “ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුන සිනමා පෙළහර” නමින් සංවිධාන කෙරෙන විශේෂිත සිනමා උළෙල සමගිනුයි.

මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 04 වැනිදා දක්වා දින පහක් මේ සිනමා උළෙල පැවැත්වෙනවා. කොළඹ ලිබර්ටි සිනමාහලේ (Liberty by Scope) පැවැත්වෙන මේ චිත්‍රපට උළෙලේදී කුමාර තිරිමාදුර රංගනයෙන් දායක වූ චිත්‍රපට පහක් තිරගත කෙරෙනවා.

මාර්තු 31 – ධර්ම යුද්ධය

අප්‍රේල් 01 – ටවුමෙ ඉස්කෝලේ

අප්‍රේල් 02 – ගාමණී

අප්‍රේල් 03 – තණ්හා රතී රඟා

අප්‍රේල් 04 – The Newspaper

දිනපතා උදේ 10.30, සවස 2.30 සහ සවස 6.30 වශයෙන් දර්ශන වාර තුනක් මෙම චිත්‍රපට තිරගත කිරීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. මෙම සිනමා උළෙලේ තිරගත වන චිත්‍රපට සඳහා විශේෂ ප්‍රවේශපත්‍ර ගාස්තුව 500/= වන බවත් උළෙල සංවිධායකයින් දැනුම් දෙනවා.

Share

116 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.