“කාල” 27 වැනිදා සිට රිදී තිරයේ
සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ “කාල” සිනමාපටය ඔක්තෝබර් 27 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි. ඉතිහාස කතා සිනමාවලියට නව ආරක සිනමාපටයක් ලෙස කාල නිර්මාණය කල බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. රජ කතා ආශ්‍රිත සිනමාපට මාලාව වෙනසකට ලක් කරමින් ඉතිහාසයේ සිදුවුණු සාමාන්‍ය ගැමියන් හා බැඳුනු පුවතක් ඇසුරෙන් කාල සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. මහේන්ද්‍ර පෙරේරා, මාධනී මල්වත්ත විශ්ව කොඩිකාර ජගත් මනුවර්ණ නීටා ප්‍රනාන්දු දසුන් පතිරණ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයේ යෙදෙනවා. කලාවැව බිහිවීමත් කලාවැව ආශ්‍රිත ඉතිහාස කතා පුවත සහ කඩවර දෙවොත්පත්තියත් පිළිබඳව ඉතිහාස කතා පුවත එළඹෙන 27 වැනිදා සිට ඔබේ සිනමාහලේදී නැරඹීමට හැකියි.
Written by Nisanka Weheraduwa
