කැමරාවෙන් කියවෙන මානව කතාන්දරය – කෘතිය එළිදකියි
සුමින්ද කිත්සිරි ගුණරත්න සම්පාදනය කළ “කැමරාවෙන් කියවෙන මානව කතාන්දරය” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 12 වැනිදා සිදුවනවා. එදින සවස 2.30 සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ කෘතිය එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලාංකේය මානවවංශලේඛ චිත්‍රපටය පිඉබන්ද දෘශ්‍යාත්මක මානව විද්‍යා අධ්‍යනයක් මෙම කෘතියෙන් ගෙන එනවා. ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව, පුස්තකාල විද්‍යා හා විඥාපන ආයතනය සහ නෙප්චූන් ප්‍රකාශකයෝ එක්ව මේ වැඩසටහන සංවිධානය කොට තිබෙනවා.
කෘතිය හඳුන්වාදීමේ දේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් සිදුකිරීමට නියමිත අතර සජීවී සිනමා සංකථන සඳහා සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ඈෂ්ලි රත්නවිභූෂණ සහ එම්.ඩී.මහින්දපාල යන මහත්වරුන් එක්වීමට නියමිතයි.
Written by Nisanka Weheraduwa
