සන්ධි නොවුන තැන් ගැන – සහසුද්දෙන් දැනගන්න

Avatar Nisanka Weheraduwa | September 8, 2019 158 Views 0 Likes 0 Ratings

158 Views 0 Ratings Rate it

සන්ධි නොවුන තැන් ගැන සහසුද්දෙන් දැනගන්න – අසන්ධිමිත්තා හමුවෙන්න එන්න. මේ තේමාව යටතේ අසන්ධිමිත්තා චිත්‍රපටය ගැන සංවාදයක් සංවිධාන කෙරෙනවා. සමන් වික්‍රමාරච්චි රචනා කළ “අසන්ධිමිත්තා” නවකතාව ඇසුරින් අසෝක හඳගම නිර්මාණය කළ “අසන්ධිමිත්තා” චිත්‍රපටය තමයි කතාබහට මුලාශ්‍රය. නිල්මිණි සිගේරා, ඩබ්ලිව්.ජයසිරි, ධර්මප්‍රිය ඩයස්, ගයනි ගිසන්තිකා, අනුලා බුලත්සිංහල, රුක්මල් නිරෝෂ්, සඳලි හඳගම, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, ප්‍රදීප් රාමවික්‍රම ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වුනා.

චිත්‍රපටය ගැන සංවාදය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ 11 වැනිදා. එදා සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේ පැවැත්වෙන මේ සංවාදයට එක්වන ලෙස සිනමාවට ලැදි සැමටම ආරාධනා කෙරෙනවා.

Share

158 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.