ගණන් ගන්නැති කතාවක් විදෙස් චිත්‍රපට උළෙලකට

Avatar Nisanka Weheraduwa | February 23, 2018 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ නවතම කෙටි චිත්‍රපටය වන ගණන් ගන්නැති කතාවක් විදෙස් සිනමා උළෙලක් සඳහා තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල ඉන්දියාවේ කල්කටා නගරයේදී මෙවරත් පැවැත්වෙනවා. මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා මේ චිත්‍රපට උළෙල පැවැත්වීමට නියමිතයි. මේ උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීම සඳහා තිරරගේ නවතම චිත්‍රපටය ඉදිරිපත් කොට තිබුනා. Federation of film societies of India මගින් මේ උළෙල සංවිධාන කෙරෙනවා.

තිසර මංගල බණ්ඩාර කෙටි චිත්‍රපට නිර්මාණය කරණයෙන් සම්මානයට පාත්‍ර වූ නිර්මාණ ශිල්පියෙක්. මිට පෙර ඔහු නිර්මාණය කළ “අබ සරණයි” කෙටි චිත්‍රපටය දේශීය සම්මාන උළෙලයන් හිදී සම්මානයට පාත්‍ර වුනා. දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල සඳහා සුදුසුකම් ලැබූ තිසර මංගල බණ්ඩාරට cinema.lk සුබ පැතුම් පිරිනමනවා.

Share

51 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.