චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් මරුට

Avatar Nisanka Weheraduwa | June 15, 2020 371 Views 0 Likes 0 Ratings

371 Views 0 Ratings Rate it

ප්‍රවීණ සිනමා සහ ටෙලි නිර්මාණවේදීයකු වන චන්ද්‍රරත්න මාපිටිගමගේ දියණිය රිය අනතුරකින් හදිසියේ ජිවිතක්ෂයකට පත්ව තිබෙනවා. වීණාවී මාපිටිගම වන ඇය මියයන විට 41 වැනි වියේ පසුවුනා.

සිය සැමියා සමග වාහනයේ ගමන් ගනිමින් සිටියදී අතුරු පාරකට හැරවීමට යාමත් සමග අනෙක් පසින් පැමිණි වාහනයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ඇය මියගිය අතර ඇගේ සැමියා සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කොට තිබෙනවා. පාමංකඩ පැරණි හැව්ලොක් පාරේදී ජුනි 14 වැනිදා සවස 5.30ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

1980 දශකයේ සිට සිනමා හා ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ කටයුතු කරන චන්ද්‍රරත්න මාපිටිගම විසින් අධ්‍යක්ෂණය කළ “ඉරට අඬන මල්” ටෙලි නාට්‍යයේ වීණාවී ළමා නිළියක ලෙස සාර්ථක රංගනයක් ඉදිරිපත් කළා. කොළඹ සුජාතා ජාත්‍යන්තර පාසලේ ආදී ශිෂ්‍යාවක වන වීණාවී කුවේට් එයාවේස් ගුවන් සමාගමේ ගුවන් සේවා නිළධාරිනියක ලෙස සේවය කරමින් සිටි බව සඳහන්.

Share

371 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.