ජනිත තවත් වැඩකට අත ගසයි.
ජනපි‍්‍රය චිත්‍රපට රැසක් ම මේ වනවිට නිෂ්පාදනය කර ඇති නව පරපුරේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් තමයි ජනිත මාරසිංහ කියන්නේ.ලාංකේය චිත්‍රපට ක්ෂ්‍රේත්‍රය තුළ දිගු ගමනක් යාමට සැරසෙන ජනිත මේ වන වට අලුත් වැඩකට අත ගසා තිබෙනවා.ආරංචියේ හැටියට ඔහු තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට යන බවයි දැන ගන්නට ලැබුනේ.
කනින් කොනින් විපරම් කරලා බලද්දී අපට දැනගන්න ලැබුනේ මේ දවස් වලදී ඔහු තමන්ගේ කාලයෙන් වැඩිපුරම කැප කරන්නේ නවතම චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් බවයි.මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ජනිතගේම සිතේ ඇති වුණු කතා සංකල්පයක්. විනෝදයෙන් පිරි ගුණාත්මක චිත්‍රපටයක් වන මෙහි තිර රචනය සහ අධ්‍යක්‍ෂණය ලාල් පි‍්‍රයදේවගෙන්. මෙහි සංගීතය සන්ෆ්ලවර්ස්ලාගෙන්.තවම නළු නිළියන් තෝරා ගැනීම පමණක් සිදුකරන මෙම චිත්‍රපටයට සුදුසු නමක් තවම යොදලා නැහැ.
Written by Cinema.lk A
