ජපාන සිනමා උළෙල 2017 තරංගනියේදී

Avatar Nisanka Weheraduwa | September 22, 2017 91 Views 0 Likes 0 Ratings

91 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය වාර්ෂිකව සංවිධාන කරන ජපාන සිනමා උළෙල මෙවරත් පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන සිනමා උළෙල සැප්තැම්බර් 22 වැනිදා ආරම්භ වනවා. සමාරම්භක උළෙල 22 වැනි සිකුරාදා ආරාධිතයින් සඳහා පැවැත්වීමෙන් අනතුරුව 23 සහ 24 දෙදින සිනමා උළෙල පොදු ප්‍රේක්ෂකයින් උදෙසා පැවැත්වෙනවා. ජපාන තානාපති කාර්යාලය, ජපාන පදනම, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව උළෙල සංවිධානය කෙරෙනවා.

සැප්තැම්බර් 23 සෙනසුරාදා සවස 3.00ට Ecotheraphy geteway holiday චිත්‍රපටය තිරගත කෙරෙනවා.

taki-wo-mi-ni-iku-ecotherapy-gateway-holiday-japanisches-kulturinstitut-koeln_17434371

එදිනම සවස 5.30ට තිරගත කෙරෙන්නේ Climbing to Spring චිත්‍රපටය.

1422453002_haruseotte

සැප්තැම්බර් 24 වැනිදා සවස 3.00ට Wood Job ජපන් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

Wood Job

ජපන් සිනමා උළෙලේ සමාප්ති චිත්‍රපටය විදිහට සැප්තැම්බර් 24 වැනිදා සවස 5.30ට  A Farewell to Jinu චිත්‍රපටය තිරගත වෙනවා.

Website_large_afarewell

සිනමාවට කැමති ඒ වගේම විදෙස් සිනමා අත්දැකීම් විඳින්න කැමති සිනමා රසිකයින් වෙනුවෙන් සංවිධාන කෙරෙන ජපන් සිනමා උළෙල නැරඹීමට පැමිණෙන ලෙස ජපාන තානාපති කාර්යාලය මෙරට සිනමාලොලින්ට ආරාධනා කර සිටිනවා.

Share

91 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.