තිස්ස නාගොඩවිතානයන් මෙලොවින් සමුගනියි
මෙරට දේශීය සිනමාවේ චිත්‍රපට සංරක්ෂණය විෂයෙහි විශාල සේවයක් ඉටුකළ තිස්ස නාගොඩවිතාන මහතා මෙලොවින් සමුගනියි.
කලක් තිස්සේ අසනීප තත්වයේ පසුවූ ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ජිවිතක්ෂයට පත්වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. දේහය පිලිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන අයුරු පසුව දැනුම් දෙනු ලැබේ.
පැරණි චිත්‍රපට සංරක්ෂණය කිරීම වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළ ඒ මහතා 1981 වර්ෂයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග එක්ව “කොලම්කාරයෝ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඉන් අනතුරුව 1984 වර්ෂයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමගම එක්ව “කැකිල්ලේ රජ්ජුරුවෝ” නමින් චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
70 දශකයේ පමණක් නොව වර්තමාන පරපුර අතර පවා ජනප්‍රියව පවතින “වාසනා ලොවක් ගෙනාව දිව්‍යලෝකේ ඉඳල ආව කෙල්ලේ, සුරූපී කෙල්ලේ” ගීතයේ ගායකයා වන්නේද ඔහුයි. ඊට අමතරව තවත් ගී කිහිපයක් ඔහු විසින් ගායනා කොට ඇති බවත් සඳහන්. ඒ අනුව ගායකයෙක්, සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් වශයෙන්ද නාගොඩවිතානයන් සිනමා ඉතිහාසයට එක්වනවා.
ඒ මහතා හරේන් නාගොඩවිතාන සහ චරිත් නාගොඩවිතාන දෙදෙනාගේ පියාණන් වනවා.
සේයාරුව : දයාන් විතාරණගෙන්
Written by Nisanka Weheraduwa
