“තුන්දෙනෙක්” චිත්‍රපටය ජාත්‍යන්තර නිර්දේශයකට

Avatar Nisanka Weheraduwa | May 4, 2018 118 Views 0 Likes 0 Ratings

118 Views 0 Ratings Rate it

මෙරට සිනමාවේ, විශේෂයෙන්ම කලාත්මක සිනමාවේ ප්‍රමුඛ සිනමාකරුවන් තිදෙනෙක් එක්ව එක සිනමාපටයක් නිර්මාණය කළ බව මේ වනවිටත් මෙරට සිනමාලෝලීන් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. “තුන්දෙනෙක්” (Her Him and The Other) ලෙස මේ චිත්‍රපටය නම් කොට තිබුනා. අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර සහ ප්‍රසන්න විතානගේ යන නිර්මාණ කරුවන්ගේ එකතුවක් ලෙස මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ප්‍රසන්න විතානගේ “Her” විමුක්ති ජයසුන්දර “Him” සහ අසෝක හඳගම “The Other” ලෙස නිර්මාණය කළ කොටස් තුනකින් යුතු මෙම සිනමාපටය පශ්චාත් යුධ සමයේ මිනිසුන් මුහුණ දුන් සහ මුහුණ දෙන අත්දැකීම් පාදන් කොටගෙන නිර්මාණය කොට තිබෙනවා.

18 වැනි New York Indian චිත්‍රපට උළෙල මයි මාසයේ පැවැත්වීමට නියමිතයි. “තුන්දෙනෙක්” චිත්‍රපටය මෙම සිනමා උළෙලේ හොඳම තිර රචනය සඳහා නිර්දේශිත නාමයන් අතරට එක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මැයි මස 07 වනිදා සිට 12 වැනිදා දක්වා මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිතයි. මෙම සිනමා උළෙලේ හොඳම තිර රචනය ලෙස සම්මානයට පාත්‍ර වීමට තුන්දෙනෙක් චිත්‍රපටයට හැකිවේද…?

 

Share

118 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.