තුන්දෙනෙක් නිර්මාණය කළ “තුන්දෙනෙක්” ලෝකර්නෝ උළෙලට

Avatar Nisanka Weheraduwa | July 17, 2018 57 Views 0 Likes 0 Ratings

57 Views 0 Ratings Rate it

දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” (Her, him & the other) 2018 ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා. දකුණු ආසියානු කලාපයේ රටවල නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරෙන මෙම Open doors කාණ්ඩය යටතේ තිරගත කෙරෙන වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට අතරට මෙම චිත්‍රපටයද ඇතුලත් බව ලෝකර්නෝ සිනමා උළෙල වෙබ් අඩවිය නිවේදනය කොට තිබුනා.

මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අසෝක හන්දග්ම් එක්ව මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Her හෙවත් ඇය ප්‍රසන්න විතානගේ නිර්මාණයක්. Him (ඔහු) විමුක්ති ජයසුන්දර විසින් නිර්මාණය කොට තිබෙනවා. The other අසෝක හඳගමගේ නිර්මාණයක්. ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සමයේ සමාජ දේශපාලන වටපිටාව මෙම චිත්‍රපටය හරහා කතාබහට ලක්කෙරෙනවා. මෙවර ලෝකර්නෝ සිනමා උළෙලේ Open doors කාණ්ඩය යටතේ මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූඩ් රත්නම් නිර්මාණය කළ Demons in paradise චිත්‍රපටයත් වෘතාන්ත චිත්‍රපට කාණ්ඩයේ ප්‍රදර්ශනය කෙරෙද්දී ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ Tradition කෙටි චිත්‍රපටයත් ලෝකර්නෝ Open doors කාණ්ඩයේ තිරගත කෙරෙනු ඇති.

 

Share

57 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.