තුන්දෙනෙක් සිනමාපටය ප්‍රදර්ශනය සහ සිනමා සංවාදයක් හොරණදී

Avatar Nisanka Weheraduwa | May 11, 2018 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

විමුක්ති ජයසුන්දර, අසෝක හඳගම සහ ප්‍රසන්න විතානගේ එක්ව නිර්මාණය කළ “තුන්දෙනෙක්” හෙවත් “Her HIm & The other චිත්‍රපටෙයේ විශේෂ දර්ශනයක් හොරණදී පැවැත්වෙනවා. මැයි මස 12 වැනිදා සෙනසුරාදා සවස 2.30ට හොරණ විද්‍යාරත්න රංග ශාලාවේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනවා.

චිත්‍රපට දර්ශනයෙන් පසුව සිනමා සංවාද මණ්ඩපයක්ද පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. මේ සඳහා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් තිදෙනා සහභාගී වීමට නියමිතයි. සුදර්ශි සිනමා සංවාද කුලකය මෙම වැඩසටහන සංවිධාන කොට තිබෙනවා. සිනමා රසිකයන් සහ විද්‍යාර්ථින් උදෙසා සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස සංවිධායකයින් විවෘත ආරාධනාවක් සිදුකරනවා.

31957776_10209445824541951_6655573796822450176_n

Share

78 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.