දැකල පුරුදු කෙනෙක් ගැන තවත් සංවාදයක්
මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ පළමු වෘතාන්ත චිත්‍රපටය වන “දැකල පුරුදු කෙනෙක්” පසුගියදා සාර්ථක අන්දමින් තිරගත කෙරුණා. යහපත් ප්‍රේක්ෂක විචාර ප්‍රතිචාර මැද තිරගත වුනු චිත්‍රපටය පිලිබඳ විද්වත් කතාබහ කිහිප වරකදීම පැවැත්වුනා. මේ තවත් එවැනි වැඩසටහනක් ගැන තොරතුරක්.
කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය මගින් මේ වැඩසටහන සංවිධාන කෙරෙනවා. ජූලි මස 29 වැනිදා, එනම් සඳුදා දින දහවල් 1.00ට වැඩසටහන ආරම්භ වීමට නියමිතයි. දහවල් 1 සිට චිත්‍රපටය තිරගත කෙරෙනවා. සවස 3.00ට සිනමාපටය පිලිබඳ සංවාදය ආරම්භ වනවා. විචාරක අජිත් ගලප්පත්ති, සිනමාවේදී සෝමරත්න දිසානායක, ප්‍රගීත් අලුත්වත්ත මේ වැඩසටහනට සම්පත් දායකයින් ලෙස එක්වීමට නියමිතයි. සිනමාපටය රසවිඳින්න, කතාබහ කරන්න. 29 වැනිදා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයට එන්න.

Written by Nisanka Weheraduwa
