“දැකල පුරුදු කෙනෙක්” – නරඹන්න, කතා කරන්න

Avatar Nisanka Weheraduwa | November 11, 2019 180 Views 0 Likes 0 Ratings

180 Views 0 Ratings Rate it

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා. ඒ, ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා දැක්ම වැඩසටහන යටතේයි.

නොවැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා දහවල් 1.00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව චිත්‍රපටය පිලිබඳ සංවාදයක් පැවැත්වීමට නියමිතයි. ටවර්හෝල් රඟහල පදනම මෙම වැඩසටහන සවිධාන කොට තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ මලිත් හෑගොඩ, තිර රචක භූපති නලින් ඇතුළු චිත්‍රපටයට දායක වූ ශිල්පි/ශිල්පිනියන් පිරිසක් මෙම වැඩසටහනට සහබාගි වනු ඇති. දැකල පුරුදු කෙනෙක් නරඹන්න, ඒ පිලිබඳ සංවාදයකට එක්වන්න ටවර්හෝල් රඟහල පදනම ඔබට ඇරියුම් කරනවා.

Share

180 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.