දෙමාපිය සෙනෙහස ගැන අලුතින් හිතන්න – වැලි පවුරු

Avatar Nisanka Weheraduwa | April 17, 2019 520 Views 0 Likes 2 On 1 Rating

520 Views 2 On 1 Rating Rate it

දෙමව්පියන්ගේ ආදරයට නිර්වචන නැහැ. ඒක මනින්න මිම්මකුත් නැහැ. දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ කැපවීම මිළ කරන්නත් බැහැ. ඒ කොහොම වුනත් දරුවන් දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරනවද කියන කාරණය ගැන නැවත සිතා බැලිය යුතුයි. මේ තේමාව ඇසුරින් නිර්මාණය වුනු අපූරු චිත්‍රපටයක් මේ දිනවල තිරගත වනවා. චිත්‍රපටයේ නම “වැලි පවුරු”. අප්‍රේල් 16 වැනිදා සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වල මේ චිත්‍රපටය තිරගත වනවා.

ධම්මික අතපත්තු නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයක්. මීට පෙර “ටවුමේ ඉස්කෝලේ” චිත්‍රපටය ඔබවෙත ගෙනාවෙත් සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයෙන්. දිල්හානි ඒකනායක සහ මහේන්ද්‍ර පෙරේරා වැලි පවුරු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපණය කරනවා. සුර්යා දයාරුවන්, නෙතලි නානායක්කාර, කුමාර තිරිමාදුර, ගයත්‍රී ඩයස්, මේනකා පීරිස් ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වලදී ඔබට දැන් වැලි පවුරු නැරඹිය හැකියි.

Share

520 Views 2 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.