දෙරණ සිනමා සම්මාන 2017 – ජනප්‍රියම නිළිය – ඔබේ මනාපය කාටද

Avatar Nisanka Weheraduwa | September 28, 2017 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

Derana Sunsilk Film Awards 2017 සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමට දෙරණ මාධ්‍ය ජාලය තැබූ දැවැන්ත පියවරක්. වෘතාන්ත චිත්‍රපට සඳහා ඇගයීම් සම්මාන පිරිනැමීම, හෙට දවසේ සිනමාව තේමාව යටතේ පැවැත්වෙන සිනමා උළෙල සහ කෙටි චිත්‍රපට ඇගයීමේ තරගයත් මේ සිනමා උළෙලේ විවිධාංග ලෙස පැවැත්වෙනවා. විශිෂ්ටන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ජූරියක් මගින් ඇගයීම් කටයුතු සිදුකොට සම්මාන පිරිනැමෙන අතරම, ජනප්‍රියම සම්මාන සඳහා සිනමාලෝලි ප්‍රේක්ෂක මනාපය ලබාගන්නත් සංවිධායකයින් සුදානම්.

දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය කවුරුන්ද යන වග තෝරා ගැනීමට ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව තිබෙනවා. නිර්දේශිත නම් අතුරින් ඔබේ මනාපය කාටද යන්න කෙටි පණිවිඩයක් (SMS) මගින් යොමු කිරීම පමණයි ඔබ කළ යුත්තේ. දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සඳහා නිර්දේර්ෂ වුනු ඔබ වඩාත් කැමති ශිල්පීනියන්ගේ නාමාවලිය සහ ඔවුන්ට අදාළ අංක මේ.

02. ඕෂධී හේවාමද්දුම

03. අනර්කලී ආකර්ෂා

06. දමිතා අබේරත්න

08. මහේෂි මධුශංකා

10. පුජා උමාශංකර්

11. අරුණි රාජපක්ෂ

14. ප්‍රසාදිනී අතපත්තු

16. ගංගු රොෂානා

17. ස්වර්ණා මල්ලවාරච්චි

18. රිතිකා කොඩිතුවක්කු

20. උදාරි වර්ණකුලසුරිය

23. හිමාලි සිරිවර්ධන

24. ටනාෂා හතරසිංහ

25. ශනුද්රි ප්‍රියසාද්

26. දිනක්ෂි ප්‍රියසාද්

28. සමනලී ෆොන්සේකා

31. උපේක්ෂා ස්වර්ණමාලි

33. නිරෝෂා තලගල

34. ශේශාද්රි ප්‍රියසාද්

2016 වසරේ තිරගත වුනු චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුනු මේ රංගන ශිල්පිනියන් අතුරින් ජනප්‍රියම නිළිය කවුරුන්දැයි තෝරාගන්නේ ඔබේ මනාපය මත. DFA(හිස්තැනක්)ඔබ වඩාත් කැමතිම නිළියට හිමි අංකය යොදා 9900 අංකයට ඔබේ කෙටි පණිවිඩය යොමු කරන්න ඔබට පුළුවන්. ලැබෙන මනාප අනුව වැඩිම ප්‍රේක්ෂක මනාපය හිමි රංගන ශිල්පිනිය 2016 වසරේ ජනප්‍රියම නිළිය ලෙස දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී අභිෂේක ලබාවි.

Share

67 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.