නිදහසේ විඳින්න – සුළඟ අප රැගෙන යාවි

Avatar Nisanka Weheraduwa | March 27, 2019 218 Views 0 Likes 0 Ratings

218 Views 0 Ratings Rate it

ලාංකීය සිනමාවේ යම් පිබිදීමක් ඇතිවෙලා කියල මේ දවස් වල සිනමාවට ලැදි බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒකට හේතුවක් නැතුවම නොවෙයි. 2019 ආරම්භයේ සිට පළමු කාර්තුව අවසන් වනතෙක් කාලය සළකා බැලුවහම සිනමාහල් වලට ප්‍රේක්ෂකයින් ඇදෙන විදිහේ චිත්‍රපට පෙළක් තිරගත වෙමින් තියෙනවා. මේ කියන්න යන්නේ ඒ ලැයිස්තුවට පසුගිය 22 වැනිදා සිට එකතුවුන නවතම චිත්‍රපටය ගැන.

චිත්‍රපටයේ නම “සුළඟ අප රැගෙන යාවි”. සුන්දර මීමුරේ ප්‍රදේශයේ රූගත කළ මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ සුන්දර රූපරාමු පෙළක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ නුවන් ජයතිලක. නුවන්ගේ පළමු වෘතාන්ත සිනමාපටය වන්නේ මේ චිත්‍රපටය. කෙටි චිත්‍රපට, වෙළඳ දැන්වීම් ඇතුළු නොයෙක් නිර්මාණ කටයුතු බොහොමයක අත්දැකීම් තියෙන නුවන්, සිනමාවට ප්‍රවේශය ගන්නේ මේ චිත්‍රපටයෙන්. ඒ ප්‍රවේශය ලෝකයේ රටවල් කිහිපයක සිනමා උළෙල වෙත ගෙනයන්නත් නුවන් සමත් වුනා. සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටයට අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, අංජන ප්‍රේමරත්න, සම්පත් ජයවීර, ඇතුළු නළුනිළි පිරිසක් රංගනයෙන් දායක වනවා. මේ ප්‍රවීණ රංගවේදීන්ට අමතරව ළමා නළු නිළි පිරිසක් දක්ෂ රංගනයක නිරත වනවා.

Wr1NL31A WMb4ANrg VP_qdc8g UW1NGxyw qjjCEfpQ r2tHk7zQ rE1rpbhA rMNfAvVg t4gE9t2Q oA8AnI6s P41DVMkg paJlcNmQ peb1BeeA pwNzJv4Q mTdVJCTw KYMSv3Rg ki4EdbHA ji4HXdVw Hs0oMbXQ _kinb8qA 6s_LeHWw 54GRbwvw DVj4UJFgePPb3GWw __9W8L3A

Share

218 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.