නොවැම්බර් මාසයට හොලිවුඩයෙන් Red Notice එකක්.

Avatar Nisanka Weheraduwa | July 19, 2021 96 Views 0 Likes 0 Ratings

96 Views 0 Ratings Rate it

Dwayne Johnson, Gal Gadot සහ Ryan Reynolds රංගනයේ යෙදෙන Red Notice සිනමාපටය මෙම නොවැම්බර් මස 12වනදා නිකුත් වන බවට නිෂ්පාදකයින් විසින් දැනුම් දීලා තියෙනවා. ඩොලර් මිලියන 200ක පිරිවැයකින් නිපදවූ මේ සිනමාපටය, එතෙක් මෙතෙක් කාලයේදී Netflix ආයතනයෙන් බිහි වෙන දැවැන්තම සිනමාපටවලින් එකක්. චිත්‍රපටය අයිති වෙන්නේ Action, Heist, Thriller වර්ගීකරණයට. සමහර මාධ්‍ය වාර්තා කියන විදිහට වැඩිපුර Action Comedy ගතියටත් ෆිල්ම් එක Mix වෙයිලු.  Ryan, Dwayne දෙන්නම ලෝක සිනමාව ඇතුළේ ඉන්න හොඳම comedianලා දෙදෙනෙක් වන නිසා ඒ කතාව අත්තක් වෙන්නත් පුළුවන්.

මේ වෙනකොට චිත්‍රපටයේ storyline එක ගැන අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ මෙහෙමයි. ලෝකයේ දරුණුතම අපරාධකාරයෙක්ව අත්ඩංගුවට ගැනීමට ඉන්ටපෝල් ආයතනයෙන් අන්තර්ජාතික රතු වරෙන්තුවක් නිකුත් කරනවා. මේ මෙහෙයුමේ මූලිකත්වය ගන්නේ Dwayne Johnson නිරූපණය කරන රස්ටි නැමැති FBI පරීක්ෂකවරයා. Gal Gadot සහ Ryan Reynolds ඊට ප්‍රතිවීර චරිත නිරූපණය කරන Red Notice සිනමාපටයේ කතාව දිව යන්නේ මේ ලුහු බැඳීම වටා බවයි දැනගන්න තියෙන්නෙ. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන Rawson Marshall Thurberගෙත් විශේෂත්වයක් තියෙනවා. මේ තමයි ඔහුගේ චිත්‍රපටයකට Dwayne Johnson සම්බන්ධ වෙන තුන්වන අවස්ථාව මෙය වීම. Rawson සහ Dwayne මීට පෙර නිර්මාණය කළ යන Central Intelligence (2016) හා Skyscraper (2018) චිත්‍රපට දෙකම විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා.

Red Notice නිෂ්පාදන පිරිවැය මෙතරම් වැඩි වීමට එක් හේතුවක් වෙලා තියන්නේ චිත්‍රපටියේ නළු නිළියන්ට වෙන් කරපු අධික මුදල් ප්‍රමාණය බවයි කියවෙන්නෙ. මෙහි රංගනය වෙනුවෙන් Dwayne Johnson, Gal Gadot සහ Ryan Reynolds තිදෙනාට අවමය ඇමරිකන් ඩොලර් මිලියන 20 බැගින් මුදලක් ගෙවලා තියෙනවා. චිත්‍රපටයේ release date එක ගැන මුලින්ම රසිකයින්ට දැනුම් දුන්නේ ප්‍රධාන චරිතයට එකතු වෙන “රොක්”; එහෙමත් නැතිනම් Dwayne. twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ ආරංචිය දැනුම් දුන්නේ මෙන්න මෙහෙමයි.

“ You’re officially on notice,

Netflix’s biggest movie ever #REDNOTICE

premieres in your living rooms around the globe on NOV 12.

FBI’s top profiler.

World’s most wanted art thief.

And the greatest conman the world has never seen…

#REDNOTICE “

මේ වෙනකොට චිත්‍රපටයේ video clips කිහිපයක්ම අපට දැකගන්න පුලුවන්. මීට මාස කිහිපයකට පෙර නිකුත් කරපු 2021: Netflix Film Preview වීඩියෝවක Red Notice චිත්‍රපටයේ දර්ශන කිහිපයකුත් ඇතුළත් වෙලා තිබුණා. ඒ වීඩියෝව බැලුවොත් මෙම සිනමාපටය කොයි තරම් දැවැන්ත project එකක්ද කියලා ඔබටම තේරුම් යාවි.

Share

96 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.