පතරොම් නැතුව දඩයමට එන්න – CSR සිනමා සංවාද

Avatar Nisanka Weheraduwa | August 21, 2019 287 Views 0 Likes 1 On 1 Rating

287 Views 1 On 1 Rating Rate it

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය අංශය සෑම මසකම විද්වත් සිනමා කතිකාවක් සංවිධාන කරනවා. අගෝස්තු මාසය සඳහා මේ සංවාදය වෙනුවෙන් ඔවුන් තෝරාගෙන තියෙන්නේ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ “සංසාරේ දඩයක්කාරයා” චිත්‍රපටය. “අලුතින් හිතන්න, වෙනස් මත, එකට ගැටෙමින්, එකම වේදිකාවක” කියන අදහසත් සමගින් මේ වැඩසටහන මාසිකව සංවිධාන කෙරෙනවා.

අගෝස්තු 31 වැනිදා සෙනසුරාදා සවස 1.00ට සංසාරේ දඩයක්කාරයා චිත්‍රපටය තිරගත කෙරෙනවා. ඉන් පස්සේ විද්වත් සිනමා කතිකාව ආරම්භ කෙරෙනවා. මෙවර සිනමා සංවාද මණ්ඩපයට කථිකයින් විදිහට එකතුවෙන්නේ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, කේ.කේ.සමන් කුමාර සහ විචාරක රසික කොටුදුරගේ. සුපුරුදු පරිදි නුවන් ජූඩ් ලියනගේ සංවාදය මෙහෙයවනවා. අගෝස්තු 31 වැනිදා සංසාරේ දඩයක්කාරයා ගැන සංවාදයට එක්වන්න ඔවුන් ඔබට ඇරියුම් කරනවා.

Share

287 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.