පතී වත අද තරංගනීයේදී

Avatar Nisanka Weheraduwa | February 8, 2018 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

පසුගියදා වියෝවූ ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධ්දර්මසෙන පතිරාජයන් අනුස්මරණය කිරීම සඳහා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය පතී වත නමින ව්දසටහන් මාලාවක් සංවිධාන කොට තිබෙනවා. අද (පෙබරවාරි 08 වනිදා) ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මෙම වැඩසටහන පැවැත්වෙනවා. ආචාර්ය ධර්මසේන පතිරාජයන් නිර්මාණය කල සිනමාපට ප්‍රදර්ශනය කිරීමත් පතී වත නම් කෘතිය එළිදැක්වීමත් මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. කෘතිය දොරට වැඩුම පස්වරු 05ට සිදු කිරීමට නියමිතයි. එහි දෙසුම පැවැත්වීම සිනමාවේදී අසෝක හඳගම විසින් සිදු කෙරෙනවා. දවසේ වැඩසටහන් සැලැස්ම පහත පරිදියි.

පෙ.ව. 10.00 – පාරදිගේ

ප.ව. 12.30 – මතුයම් දවස

ප. ව. 3.00 – In search of a road

ප.ව. 7.00 – ස්වරූප

ආචාර්ය පතිරාජයන්ට සහ ඔහුගේ සිනමාවට ආදරය කළ සිනමාලෝලින්ට මේ වැඩසටහන සමග එක්වන ලෙසට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ආරාධනා කර සිටිනවා.

27721290_10215196788970531_1626050374_n

 

Share

88 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.