පාසල් නිවාඩු කාලයට පුංචි අන්දරේ දිවයින පුරා

Avatar Nisanka Weheraduwa | April 16, 2018 400 Views 0 Likes 2 On 1 Rating

400 Views 2 On 1 Rating Rate it

පාසල් නිවාඩුව කියන්නේ දරුවන්ට විනෝදය සතුට සහිත කාලයක්. පාසල් නිවාඩු සාමය දරුවන්ට කෙළි සෙල්ලම් වලින් ගත කිරීමටත් විනෝද වීමටත් වෙන් වෙනවා. එයිනුත් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ලැබෙන නිවාඩුව විශේෂයි. මේ කාලයට වැඩිපුරම කාර්ය බහුල වෙන්නේ ළමයින්. මෙවර පාසල් නිවාඩුව සහ අවුරුදු සමයේ සතුට සමග දරුවන්ට විනෝදය රැගෙන එන අලුත්ම සිනමා නිර්මාණයක් තිරගත විමා ආරම්භ කොට තිබෙනවා. විනෝදය පමණක්ම නොවී ඉතිහාස අධ්‍යයනයක්ද සහිත අපූරු සිනමා නිර්මාණයක් මේ. දරුවන්ට ඉතිහාස දැණුම වර්ධනය කරගැනීමටත් අවස්තාවක් ලැබෙන නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “පුංචි අන්දරේ”.

පෙර ශ්‍රී ලාංකීය රජ කතා ඉතිහාසය ගැන බලද්දී අපට හමුවන සුන්දර කවටයෙක් වන අන්දරේගේ ළමා කාලය ගැනත් බොහෝ කතාබහ තිබෙනවා. ජනප්‍රවාදයේ එන මේ කතා රැසක් පරපුරෙන් පරපුරට දරුවන් පිනවීමට සමත් වුනා. ඒ කතා අතුරින් සිද්දි කිහිපයක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. සුමිත් රෝහණ තිත්තවැල්ල අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට මහින්ද කුමාර දළුපොත තිර රචනය සිදු කළා. රාජිත සුවාරිස් මෙහි නිෂ්පාදකවරයා වනවා. මහේන්ද්‍ර පෙරේරා, සුනීතා විමලවීර, ඩබ්ලිව්.ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මොරින් චාරුණි, ප්‍රවීන් කටුකිතුලේ ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා. අසෝක ජයසේකරගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සිනමාපටය හැඩගැන්වී තිබෙනවා. දරුවන්ගේ පාසල් නිවාඩු කාලයට අපූරු අත්දැකීමක් එක්කළ හැකි “පුංචි අන්දරේ” සිනමාපටය දන් දිවයින පුරා සිනමාහල් වලදී නාරම් බිමට හැකියාව තිබෙනවා.

Share

400 Views 2 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.