බිග් බී 70 වෙනි වියට

Avatar Cinema.lk A | October 11, 2012 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

ඉන්දීය සිනමාවේ අමරණීය තාරකාව අමිතාබ් බච්චන් අද දින සිය 70 වෙනි ජන්ම දිනය සැමරුවා.70 දශකයේදී සිනමාවට පිවිසි ඔහු අද දක්වාම ඉන්දීය අධ්‍යක්ෂකවරුන්ට නැතුවම බැරි රංගන පෞරුෂයක් වී හමාරයි.ඉන්දියාව තුළ මෙන්ම ලංකාව තුළ ද අතිමහත් ප්‍රෙක්ෂක ආදරයක් දිනාගෙන සිටින  ඔහු 1970 දශකයෙදී පළමුවෙන් හඳුන්වන ලද්දේ ” ඇන්ග්‍රි යන් මෑන් ” යනුවෙනි. මොහු ජාතික සිනමා සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන 13ක් ඇතුලුව සම්මාන බොහෝමයක් ලබා ගෙන ඇත. හොඳම නළුවාට හිමි සම්මානය සඳහා වැඩිම වාර ගණනක් නම් යෝජනා වීමේ වාර්තාවක් ද ඔහු විසින් පිහිටුවා ඇත. රඟපෑමට අමතරව ඔහු නිෂ්පාදකයෙක් ද, ගායකයෙක් ද, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසටද,1984-1987 කාලය තුළ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.

අලහාබාද් හි උත්තර ප්‍රදේශ් හි උපත ලැබු ඔහු පැවත එන්නේ හින්දු-සීක් පවුලකිනි. ඔහුගේ පියා වන වෛද්‍ය. හර්විනාශ් බච්චාන් ප්‍රසිද්ධ කවියෙක් වු අතර, මව වන තේජි බච්චන් ෆයිසලාබාද් හි ජීවත් වු සීක්-පන්ජාබි ජාතිකයෙකි. “ඉන්කියුලාබ් සින්ඩාබද්” නම් ප්‍රසිද්ධ වැකියෙන් එන “ඉන්කියුලාබ්” නමින් ඔහුව මුලින් හඳුන්වන ලදී. ඉන්දියානු අරගලය කාලය තුල ඔහුව නැවතත් අමිතාබ් යනුවෙන් නම් කල අතර එහි තේරුම වුයේ “කිසි දිනෙක නොමියෙන ආලෝකය යි”.

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.