බින් ලාඩන් රීදී තිරයට

Avatar Cinema.lk A | September 10, 2012 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

9/11 ප්‍රහාරයෙන් මුළු ලෝකයම භීතීයටත්,ත්‍රාසයටත් පත් කල දරුණු ත්‍රස්තවාදී නායකයෙකු වු ඔසාමා බින් ලාඩන් ඝාතනය සිනමා කෘතියකට නඟා ඇත.“සීරෝ ඩාර්ක් තර්ටි“ ලෙස නම් කර ඇති මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ “හර්ට් ලොකර්“ නමැති චිත්‍රපටය හරහා ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පත් සම්මානනීය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වු කැතරින් ඈන් බිගෙලෝ විසිනුයි.

කැතරින් බිගෙලෝ, කොලින් විල්සන්, ග‍්‍රැග් ෂැපිරා,ටෙඩ් ශිප්ලර්, මෙගර් එලිසෝ යන පිරිස මෙහි සම නිෂ්පාදකවරුන් වන අතර මාර්ක් බෝල් විසින් තිර රචනය සිදු කර ඇත.

ඇමරිකානු දේශපාලන කරළිය කැළඹීමට සමත් වු මෙම නිර්මාණයට ප්‍රදර්ශන අයිතිය තවමත් ලැබී නොමැති අතර මේ වන විටත් එහි පුර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලයට මුදා හැර තිබේ.

Share

40 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.