බෙනට් රත්නායකගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට “නෙලා”

Avatar Nisanka Weheraduwa | February 5, 2018 54 Views 0 Likes 0 Ratings

54 Views 0 Ratings Rate it

බෙනට් රත්නායක නවතම සිනමා නිර්මාණය වන “නෙලා” සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. පසුගියදා නෙලා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුනා. චිත්‍රපටයට සම්බන්ධ වුනු ශිල්පින්, කලාකරුවන් සහ මාධ්‍යවේදීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගිව තිබුනා.

බෙනට් රත්නායක 2002 වසරේ “අස්වැසුම” සිනමා කෘතිය නිර්මාණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමා ප්‍රේක්ෂකයින් අතර නමක් දිනා ගැත්තෙක්. ඊට පසු විවිධ තේමාවන් සහිත සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමට බෙනට් රත්නායකට හැකියාව ලැබුනා. ඉරහඳ යට සහ සුළඟ සිනමාපට ඒ අතරින් විශේෂයි. ඔහුගේ නවතම නිර්මාණය “නෙලා” සුන්දර ආදර කතාවක් රැගත් සිනමාපටයක්. නෙලා නම් වන විරූපී තරුණියක් සහ දෑස් නොපෙනෙන ඔහුගේ පෙම්වතා අතර වන අපූරු ආදර කතාවක් මේ හරහා ගෙන එනවා. ශලිනි තාරකා සහ උදාර රත්නායක මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් දායක වනවා. නෙලා ළඟදීම ඔබේ නගරයේ සිනමාහලේදී නැරඹීමට ඔබටත් අවස්ථාව හිමි වේවි.

Share

54 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.