මාසික ඉරාන සිනමා දැක්ම – ජූලි කලාපය

Avatar Nisanka Weheraduwa | July 22, 2018 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

ඉරාන සිනමා අත්දැකීමක් ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් වෙත සමීප කරවීම උදෙසා සෑම මසකම ඉරාන සිනමාපටයක් තිරගත කිරීම සිදු කෙරෙනවා. ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මෙම වැඩසටහන සංවිධාන කෙරෙනවා. Cinema of Iran නමින් නම්කොට ඇති මෙම වැඩසටහනේ ජූලි මස කලාපය පිලිබඳ තොරතුරුයි මේ.

ජූලි මස 26 වනි බ්‍රහස්පතින්දා දිනයේ සවස 5.30ට මෙවර ඉරාන සිනමාපටය තිරගත කිරීම සිදු කෙරෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම සිනමා දර්ශනය පැවැත්වෙනවා. මෙවර ඉරාන සිනමා දැක්මේ තිරගත වන්නේ 2012 වර්ෂයේ ඔක්තෝබර් මස ඉරානයේදී තිරගත කිරීම් ආරම්භ වුනු චිත්‍රපටයක්. Someone wanna talk to you ලෙස ඉංග්‍රීසි නමින් නම්කෙරුණු මේ චිත්‍රපටයේ ඉරාන නම Yeki Mikhad Bahat Harf Bezane ලෙස සඳහන් වනවා. Manouchehr Hadi විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Hadi සමග Saeed Dolatkkhani එක්ව තිර රචනය සිදුකොට තිබෙනවා. Anahita Ne’mati, Hamid Reza Pagah, Yekta Naser ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකවී තිබෙනවා.

Yasaman තම මව වූ Leila සමග ජිවත් වනවා. නමුත් Yasamanට කිසි දිනෙක ඇගේ පියා හමුවී නැහැ. අගේ පියා හමුවීමට මව Leila ඇයට අවස්ථාවක් උදාකර දී නැහැ. කෙසේ නමුත් හදිසි අනතුරකට මුහුණපාන Yasaman මොලය අක්‍රිය (Brain dead) තත්වයකට පත් වනවා. ඉන් අනතුරුව සිය දියණිය හමුවන ලෙස ඉල්ලීමක් කිරීමට Leilaට තම හිටපු සැමියා හමුවීමට සිදු වනවා. මෙම සිදුවීම වටා නිර්මාණය වූ අපුරු චිත්‍රපටයක් වන මෙය පැය 1 මිනිත්තු 30ක ධාවන කාලයකින් යුක්තයි.

37287492_10156701860910712_4287766074658652160_n

 

Share

70 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.