රංගවේදී ගාමිණි හෙට්ටිආරච්චිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Avatar Nisanka Weheraduwa | May 28, 2019 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

ගාමිණි හෙට්ටිආරච්චි රංගවේදියාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු 30 වැනි බ්‍රහස්පතින්දා සිදුකෙරෙන බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා, 27 වැනිදා අභාවප්‍රාප්ත වුනා.

දේහය මේ වනවිට අංක 162, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය ලිපිනය් පිහිටා ඇති ඔහුගේ නිවසේ තැන්පත් කොට තිබෙනවා. බ්‍රහස්පතිනා එනම් 30 වැනිදා සවස 4.00ට නාවල පොදු සුසාන භූමියේදී දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. දශක ගණනක ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ප්‍රවීණ  නළුවකු වූ හෙතෙම මියයන විට 68 වැනි වියේ පසුවූවා.

Share

53 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.