රිදී තිරය බබළවන මීළඟ සුපිරි තාරකාව ඔබ ද?
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වු සේනක විජේසිංහයන් සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටයක් කිරිමට සුදානමින් සිටිනවා.අපි කවුරුත් ආදරය කරන සටන් නළුවෙකු වු Bruse Lee තමන්ගේ ආත්මය කරගත් කුඩා ළමයෙකු වටා ගෙතී ඇති මෙම සිනමා සිත්තම පුංචි Bruse Lee ලෙසිනුයි නම් කර ඇත්තේ.
සටන් කලාව පිළිබඳ ගුරුවරයකු වන සේනක විජේසිංහ ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණය යටතේ නිර්මාණය කෙරෙන පුංචි Bruse Lee සිනමා පටයේ රංගනයට කැමැති ඔබට අවස්ථාවක් ලබා දීමට සේනක තීරණය කොට තිබේ.
මේ සඳහා වයස අවුරුදු දහයත් විසිපහත් අතර සටන් කලාව ප්‍රගුණ කළ අයට අයදුම් කළ හැකිය. මේ සඳහා තමා ළඟදී ගත් ඡායාරූපයක් සමඟින් අයඳුම්පතක් 143/5, සාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයට යොමු කළ හැකි අතර 0776333519 අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.
Written by Cinema.lk A
