රොකට් රජා පොකට් රජා

Avatar Cinema.lk A | September 11, 2012 72 Views 0 Likes 0 Ratings

72 Views 0 Ratings Rate it

මොහාන් නියාස්ගේ මායාවි සිනමාපටය ඇතුළු චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණු දිනුෂ ප්‍රදීප් කුමාර සිය කුලුඳුල් සිනමා පටයේ වැඩ කටයුතු මේ වන විට අරම්භ කර තිබෙනවා.රොකට්, පොකට් නමැති රැකියා විරහිත තරුණයන් දෙපොළක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ රොකට් රජා පොකට් රජා යන නමිනුයි.

සජිත රුක්මන්තගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයෙහි අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද දිනූෂගෙන්ය. නිරෝෂි දිසානායක සහ සුපුන් දිනූෂ සෙනෙවිරත්නගේ සහාය අධ්‍යක්ෂකවරුන් වන අතර ස්ටැනී ද සිල්වා කලා අධ්‍යක්ෂවරයාවේ. කැමරාකරණයෙන් නිෂාන් හසිත ද අංග රචනයෙන් රොඩ්නි වෙන්ට්‍රවෙස්ට් ද සංගීතයෙන් ප්‍රියනාත් රත්නායක ද මේ චිත්‍රපටය හැඩගන්වයි. ශාන් අල්විස් සංස්කරණයට සූදානම් වන මෙහි නිෂ්පාදන කළමනාකරු වශයෙන් බන්දුල රූපසිංහ කටයුතු කරයි.

මෙහි රංගන දායකත්වය රොනී ලීච්, සනෝජා බිබිලේ, විශාකා සිරිවර්ධන, උදයන්ති කුලතුංග,සජිත් රුක්මන්ත, නිලාන් සඳරුවන්, උපාලි කීර්තිසේන, ප්‍රේමදාස විතානගේ, අනූෂා රාජපක්ෂ, ප්‍රියනාත් රත්නායක, භාග්‍යා ගුරුසිංහ, මල්කි නිමල්කා ඇතුළු පිරිසගෙනි.

Share

72 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.