රොජර්ගෙන් හා සේනකගෙන් චිත්‍රපට ත්‍රිත්වයක්.

Avatar Cinema.lk A | August 29, 2012 122 Views 0 Likes 0 Ratings

122 Views 0 Ratings Rate it

විජය කුවේණි චිත්‍රපටයේ විජය රජුගේ භූමීකාවට විශිෂ්ට අයුරින් පණ පෙවු රොජර් සෙනවිරත්න තවත් එවැනිම දැවැන්ත ඓතිහාසික චරිත ද්විත්වයකට රංගනයෙන් දායක වීමට සුදානම්ව සිටිනවා.ඔහු රංගනයෙන් දායකවන එක් චරිතයක් වන්නේ මොනරවිල කැප්පෙටිපොළ දිසාවේගේ චරිතයයි.මෙම චරිතය අඩංගු චිත්‍රපටයේ රංගන කාර්යය සේම නිෂ්පාදන කාර්යයද සිදුකරනු ලබන්නේ ඔහු විසින්මය.නිදහස් අරගලයේ කැපී පෙනෙන චරිතයක් වු කුඩාපොල උන්නාසේගේ භුමීකාව ඔහු විසින් රඟන සෙසු චරිතය වේ.

මෙලෙසම ප්‍රවීණ රංගන ශිල්පියෙකු වු සේනක විජේසිංහද සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටයක් කිරිමට සුදානමින් සිටිනවා.අපි කවුරුත් ආදරය කරන සටන් නළුවෙකු වු Bruse Lee තමන්ගේ ආත්මය කරගත් කුඩා ළමයෙකු වටා ගෙතී ඇති මෙම සිනමා සිත්තම පුංචි Bruse Lee ලෙසිනුයි නම් කර ඇත්තේ.මේ ප්‍රවීණයන් දෙදෙනා නිර්මාණය කරන මෙම සිනමා නිර්මාණයන් 2013 වර්ෂයේදී ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්නට හැකි වේවී.

Share

122 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.