ලෙස්ටර් ඔහුය සිනමාව

Avatar Nisanka Weheraduwa | December 25, 2017 83 Views 0 Likes 0 Ratings

83 Views 0 Ratings Rate it

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් අනුස්මරණ වැඩසටහන “ලෙස්ටර් ඔහුය සිනමාව” නමින් පසුගියදා සංවිධාන කොට තිබුනා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ උත්සවය පැවැත්වුනා. ශ්‍රී ලංකා ටෙලිකොම් peo TV අංශය මේ වැඩසටහනේ සංවිධාකයින් වුනා. සිනමා විචාරක අජිත් ගලප්පත්ති ආචාර්ය සෝමරත්න දිසානායක සහ දීප්ති කුමාර ගුණරත්න මේ වැඩසටහනේදී විවිධ මාතෘකා යටතේ දෙසුම් පැවැත්වුවා. රවින්ද්‍ර රන්දෙනිය ශ්‍රියානි අමරසේන අයිරාංගනී සේරසිංහ ඇතුළු නළු නිලියන් සහ සම්භාවනීය පිරිසක් මේ අවස්තාවටසහභාගි වී තිබුනා. ආචාර්ය ලෙස්ටර් සහ සුමිත්‍රා පිරිස් දෙපළ නිවසේ සිට peo TV තාක්ෂණයෙන් මේ වැඩසටහන හා සම්බන්ධ වී තිබුනා. ඒ දෙපළ වෙනුවෙන් ටෙලිකොම් ආයතනයේ මුල්‍ය පරිත්‍යාගය පැමිණ සිටි ජ්‍යෙෂ්ටතම ශිල්පිනිය වූ අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත බාරදීමත් මේ අවස්ථාවේදී සිදු කෙරුනා.

Share

83 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.