ලෝක සිනමා දින සැමරුමක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | December 24, 2019 159 Views 0 Likes 0 Ratings

159 Views 0 Ratings Rate it

ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි.

එදින උදේ 10.30ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.  “සමකාලීන ලෝක සිනමාවේ ප්‍රවණතා” යන මාතෘකාවෙන් දේශනයක් පැවැත්වීම මෙහිදී සිදුවනවා. දේශනය සඳහා සිනමා විචාරක භූපති නලින් සම්පත් දායකයා ලෙස සම්බන්ධ වනවා. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි. සිංහල සංස්කෘතික ආයතනය සහ හෙළවුඩ් රංගන පාසල මෙහි සංවිධාන දායකත්වය සපයනවා.

නොමිලේ පැවැත්වෙන මේ වැඩසටහන සමග එක්වන ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.

Share

159 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.