“විජයබා කොල්ලය” සිනමාපටය පිලිබඳ සංවාදයක්
මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ “විජයබා කොල්ලය” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීමට CSR මාධ්‍ය ඒකකය කටයුතු යොදා තිබෙනවා. ඒ, ඔවුන්ගේ මාසික විද්වත් සිනමා කතිකාවේ ජනවාරි කලාපය ලෙසින්.
සිනමා, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘‘ CSR කලා කෙත’’ මගින් සංවිධානය කරනු ලබන, සිනමාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘‘ විජයබා කොල්ලය’’ සිනමා කෘතිය සම්බන්ධ මෙම විද්වත් සිනමා කතිකාව ජනවාරි 25 වන සෙනසුරාදා සවස 1.00 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. පළමුව චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම සහ ඉන් අනතුරුව ඒ පිලිබඳ සංවාදය පැවැත්වෙන ලෙසින් මෙම වැඩසටහනේ ආකෘතිය සකස් වී තිබෙනවා.
මෙම විද්වත් කතිකාව සදහා සිනමා විචාරකයින් වන ප‍්‍රියන්ත කොඩිප්පිලි, තුසිත ජයසුන්දර, සුජිත් අක්කරවත්ත සහභාගී වීමට නියමිතයි. වැඩසටහන මෙහෙයවීම මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින්.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය ඒකකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් හා සංවිධානයෙන් පැවැත් වූ මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘‘කෙටි චිත‍්‍රපට සංගමය’’ හා ‘‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’’ මගින් සිදුවනවා.
වැඩිදුර විමසීම්: තිළිණ අලහකෝන්
(CSR මාධ්‍ය එ්කකය) 0716 492399

Written by Nisanka Weheraduwa
