සජිත අනුත්තර ප්‍රසන්න සමග දැවැන්ත වැඩකට

Avatar Nisanka Weheraduwa | August 17, 2018 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

දේශීය සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂ වරයෙක් වන ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමා නිර්මාණයේ වැඩකටයුතු ආරම්භ කිරීමට සැරසෙන බව සඳහන්. “ගාඩි” ලෙස නම්කොට ඇති මේ චිත්‍රපටය ඉන්දීය සහ ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වන්නක්. ෆිල්ම් අයිලන්ඩ් සමාගම සමග ජා පික්චර්ස් නම් බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් මේ නිර්මාණයට එක්ව තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ පුත් සජිත අනුත්තර යොදාගෙන තිබෙන බව වාර්තා වනවා. හඳුන්වාදෙන ඩිනාරා පුංචිහේවා සජිත සමග ප්‍රධාන චරිත රංගනයට එක්වනවා.

ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර ඇතුළු රංගන ශිල්පින් රැසක් මෙහි චරිත රංගනයට සම්බන්ධ වන බව පැවසෙනවා. දායක වන ශිල්පින් ශ්‍රී ලංකාවෙන් සහ ඉන්දියාවෙන් තෝරාගත් බවයි අධ්‍යක්ෂවරයා පවසා තිබුනේ. දායක වන ශිල්පින් ප්‍රමාණය 500කට අධික බව සඳහන්. පුර්ව සැළසුම් කටයුතු අවසන් කොට ඇති ගාඩි චිත්‍රපටයේ  රූගත කිරීම් ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිතයි.

Share

69 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.