සම්මානයෙන් බුහුමන් ලැබු නිකිණි වැස්ස

Avatar Cinema.lk A | July 11, 2012 151 Views 0 Likes 0 Ratings

151 Views 0 Ratings Rate it

ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට ‘නිකිණි වැස්ස’ අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන ජූරිය මඟින් පිරිනමන ලද Golden Cyclo නමැති ප්‍රධාන සම්මානය දිනා ගැනීමයි. එම සම්මානයට අමතරව ඔහුට යුරෝ 1500/-ක් හිමි විය. මෙම ජූරියේ සාමාජිකයන් වූයේ, අටික් රහිම්, සභාපති (ඇෆ්ගනිස්ථානය) එර්මෙන් චිනාර්ඛායෙව් (කසකස්ථානය) හා ලතිකා පද්ගොන්කාර් (ඉන්දියාව) ය. සුප්‍රකට කොරියානු චිත්‍රපටයක් වූ ජායොන් කියු – හ්වාන් ගේ Dance Town චිත්‍රපටයට හිමිවුයේ දෙවන ස්ථානයයි.

මෙම උලෙළේදීම ‘නිකිණි වැස්ස’ ලබා ගත් දෙවන සම්මානය වූයේ හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනමනු ලබන NETPA සම්මානයයි. එහි ජූරි සාමාජිකයන් වූයේ ඈන් ඩෙමි – ගේරෝ (සභාපති – ඕස්ට්‍රේලියාව), ගෝලාම් රබානි ඛිප්ලොබ් (බංග්ලාදේශය) සහ ලේඛා ශන්කර් (තායිලන්තය)ය.

Share

151 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.