සූස්ති දින 50 සපුරයි,විශේෂ දර්ශනයට ඔබත් එන්න.

Avatar Nisanka Weheraduwa | September 5, 2020 203 Views 0 Likes 0 Ratings

203 Views 0 Ratings Rate it

කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ, යූ.ඒ.පල්ලියගුරු නිෂ්පාදනය කළ “සූස්ති” චිත්‍රපටය තිරගත වීම් අරඹා දින 50ක් සම්පූර්ණ වනවා. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ දර්ශනයක් පැවැත්වීමට රීගල් සිනමාහල කටයුතු යොදා තිබෙනවා.

සූස්ති චිත්‍රපටයේ තිර රචක සහ රංගන ශිල්පී කලණ ගුණසේකර, රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා, අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න ඇතුළු පිරිසක් සහභාගී වන මේ විශේෂ දර්ශනය සැප්තැම්බර් 06 වැනි ඉරිදා සවස 4.15ට කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වී චිත්‍රපටයේ ශිල්පීන් සමගම එය නැරඹීමටත් ඔවුන් සමග අදහස් බෙදා ගැනීමටත් එක්වන ලෙස චිත්‍රපට කණ්ඩායම සිනමාලෝලී ඔබට ආරාධනා කරනවා.

Share

203 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.