හංස විලක් ප්‍රථම වරට DCP තාක්ෂණයෙන්

Avatar Nisanka Weheraduwa | October 24, 2017 267 Views 0 Likes 0 Ratings

267 Views 0 Ratings Rate it

ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන මතකයක් ප්‍රේක්ෂකයින් තුළ සටහන් කළ “හංස විලක්” සිනමාපටය ප්‍රථම වරට DCP

තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. ආචාර්ය කේමදාස අනුස්මරණ සිනමා උළෙලේදී අවසන් සිනමාපටය ලෙස හංස විලක් මෙලෙස තිරගත කිරීමට නියමිතයි. ඔක්තෝබර් 24 වැනිදා සවස 6.30ට තරංගනී සිනමා ශාලාවේදී මෙලෙස හංස විලක් තිරගත වනවා.
ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රථම සිනමාපටය ලෙස නිර්මාණය කළ හංස විලක්, එවකට අතිශය ජනප්‍රිය වූ සිනමාපටයක්. ධර්මසිරි බණ්ඩාරනායක, ස්වර්ණා මල්ලවආරච්චි හෙන්රි ජයසේන වසන්ති චතුරානි දෙනවක හාමිනේ ආදී නළු නිලියන් මෙහි ප්‍රධාන චරිත රඟපෑවා. ආචාර්ය කේමදාසයන් සංගීතය නිර්මාණය කළ හංස විලක් සිනමාපටයේ සුනිලා අබේසේකර සමග ටි.එම්. ජයරත්න යි හෙමින් සැරේ පියා විදා ගීතය අදටත් එක ලෙසින්ම ජනප්‍රියයි.

Share

267 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.