හෙට දවසේ සිනමාව – සිනමා උළෙල ජුනි මාසයේ

Avatar Nisanka Weheraduwa | June 8, 2019 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පැවැත්වීම සඳහා මේ වනවිට සියල්ල සුදානම්. සිනමා සම්මාන උළෙලට සමගාමිව විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. “හෙට දවසේ සිනමාව” (Cinema of tomorrow) ඉන් එක විශේෂාංගයක්. අලුතින්ම නිර්මාණය කෙරුණු චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන සිනමා උළෙලක් පැවැත්වීම මෙහිදී සිදු වනවා. ජූරියේ තීරණ මත හොඳම චිත්‍රපටයට (Best picture) සහ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයා (most promising director) වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුවනවා.

මෙවර හෙට දවසේ සිනමාව චිත්‍රපට උළෙල ජුනි මස පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ජුනි මස 22 සහ 23 යන දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපට උළෙල පැවැත්වෙනු ඇති. තිරගත කෙරෙන චිත්‍රපට සංඛ්‍යාව පහක්. එම චිත්‍රපට සහ තිරගත කෙරෙන කාල සටහන නුදුරේදීම දැනුම් දීමට සුදානම්. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන දෙරණ හෙට දවසේ සිනමා උළෙලේ චිත්‍රපට නැරඹීමට වෙලාව වෙන්කර තබාගන්න. විස්තර www.cinema.lk සඳහා සමග රැඳෙන්න.

Share

68 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.