08වන Derana Lux Film Awards උළෙලට සියලු කටයුතු සූදානම්

Avatar Kavinu Weerakkody | September 5, 2023 186 Views 0 Likes 5 On 2 Ratings

186 Views 5 On 2 Ratings Rate it

දෙරණ මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන “Derana Lux Film Awards” සම්මාන උළෙල, මෙරට සිනමාවේ උන්නතිය සහ ජනප්‍රියත්වය වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය වන, ලංකාවේ ප්‍රධානතම සිනමා සම්මාන රාත්‍රියක්.

එහි අටවන දිගහැරුම එළඹෙන සැප්තැම්බර් 10 වනදා මෙරට ජනප්‍රිය නලු නිළියන්, අධ්‍යක්ෂකවරුන් සහ සිනමාවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. Derana Lux Film Awards – 2023ට සමගාමීව “Cinema for Tomorrow” කාණ්ඩය යටතේ, ඉදිරියේදී තිරගත වීමට නියමිතව තිබෙන නවතම ශ්‍රී ලාංකීය චිත්‍රපට 06ක් නැරඹීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයින් හිමිවුනු අතර ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී එම වැඩසටහන පැවැත්වුනු පසුගිය සැප්තැම්බර් 2-3 දෙදින පුරාම අති විශාල ජනකායක් ඊට සම්බන්ධ වූ ආකාරයකුයි දැක ගන්නට ලැබුනේ…

Cinema for Tomorrow චිත්‍රපට ප්‍රදර්ශනයට පසුව, අවසාන මහා සිනමා සම්මාන රාත්‍රිය වෙනුවෙන් සියලුම කටයුතු මේ වනවිට සූදානම් වෙමින් පවතින අතර එහිදී ප්‍රදානය කිරීමට නියමිත සම්මාන ලැයිස්තුව සහ අවසන් නිර්දේශවීම් අතරට පැමිනි සියලුම සිනමාපට නාමයන් දැන් මාධ්‍යයට නිකුත් කොට තිබෙනවා.

උළෙලේ සම්මාන ප්‍රදානය මූලික කාණ්ඩ 02කට බෙදෙන අතර පළමු සම්මාන ප්‍රදානය සිදුවන්නේ, මෙරට ප්‍රවීණ සිනමාකරුවන් කිහිප දෙනෙකුගෙන් සැදුම් ලත් ජූරියක් විසින් තෝරාගනු ලැබූ චිත්‍රපට සඳහායි. සම්මාන ඉසව් 15ක් යටතේ, විවිධ චිත්‍රපට 17ක් අතුරිනුයි ඔවුන් මෙසේ සම්මානයට පාත්‍ර වීමට සුදුසුම – විශිෂ්ටතම චිත්‍රපට තෝරාගනු ලැබූයේ…

දෙවන සම්මාන කාණ්ඩය වන්නේ ජනතා මනාපයෙන් තෝරාගන්නා ලද ජනප්‍රියම නලු නිළියන්ගේ සම්මාන ප්‍රදානයයි. මෙහිදී වැඩිම ජනතා ප්‍රසාදය ලබා ගන්නා තරඟකරුවන් ජයග්‍රහණය කරනු ලබන අතර එළඹෙන සැප්තැම්බර් 08 වනදා දක්වා රසිකයින්ට සිය මනාපය පළ කළ හැකියි.

ඇල්බොරාදා, රංකොල්ලා, The Game, ප්‍රාණ, ආදරණීය ප්‍රාර්ථනා, ආශාවරී වැනි එකිනෙකට වෙනස් වාණිජ සහ කලාත්මක තේමාවන්ගෙන් යුතු සිනමාපට ගණනාවක්ම මෙම සම්මාන සඳහා තරඟ වදිනු ලබනවා.
පහතින් දැක්වෙන්නේ ඒ ආකාරයට ජූරියේ මනාපයෙන් ජයග්‍රහණය හිමිවන සම්මාන සඳහා නිර්දේශ වූ අවසාන චිත්‍රපට ලැයිස්තුවයි.

Best Actor in a Leading Role

කළණ ගුණසේකර – නයිට් රයිඩර්
ශ්‍යාම් ප්‍රනාන්දු – සිනේ මා
ට්‍රෙයි හික්ස් – ප්‍රාණ

Best Actress in a Leading Role

යුරේනි නොෂිකා – නයිට් රයිඩර්
නෙත්මි රොශෙල් – ආදරණීය ප්‍රාර්ථනා
ඉෂංකා ජාන්වී – ආශාවරී

Best Actor in a Supporting Role

වසන්ත කුමාරවිල – The Game
මැල්කම් මචාඩෝ – ඇල්බොරාදා
ස්ටීවන් මාර්ක් – ප්‍රාණ

Best Actress in a Supporting Role

ඈන් සොලේන් – ඇල්බොරාදා
නිමායා හැරිස් – ඇල්බොරාදා
රිතිකා කොඩිතුවක්කු – ඇල්බොරාදා

Best Picture

ඇල්බොරාදා (අධ්‍යක්ෂණය – අශෝක හඳගම)
නයිට් රයිඩර් (අධ්‍යක්ෂණය – කසුන් පතිරණ)
ප්‍රාණ (අධ්‍යක්ෂණය – සන්ජය නිර්මාල්)

Best Direction

අශෝක හඳගම – ඇල්බොරාදා
වාසව බදුගේ – ආදරණීය ප්‍රාර්ථනා
කසුන් පතිරණ – නයිට් රයිඩර්

Best Screenplay

අශෝක හඳගම – ඇල්බොරාදා
වාසව බදුගේ – ආදරණීය ප්‍රාර්ථනා
කසුන් පතිරණ – නයිට් රයිඩර්

Best Cinematography

චන්න දේශප්‍රිය – ඇල්බොරාදා
විශ්වජිත් කරුණාරත්න – නයිට් රයිඩර්
ස්ට්‍රයිනර් ඇඩම්ස් – ප්‍රාණ

Best Editing

රවීන්ද්‍ර ගුරුගේ – ඇල්බොරාදා
ලක්රුවන් ද සේරම් – නයිට් රයිඩර්
රුවන් වීරසිංහ – The Game

Best Sound Design

සශින් ගිම්හාන් – ප්‍රාණ
අරුණ ප්‍රියන්ත කලුආරච්චි – ඇල්බොරාදා
කාලිංග ගිහාන් පෙරේරා – The Game

Best Original Music Score

නදීක ගුරුගේ – ප්‍රාණ
අජිත් කුමාරසිරි | නාමිනී පංචාලි – ඇල්බොරාදා
යසස් මැදගෙදර – ආදරණීය ප්‍රාර්ථනා

Best Visual Effects

තිලංක පෙරේරා – ගින්දරී 03
රුවන් වීරසිංහ – The Game
බුද්ධික විජේරත්න | සමින්ද විතානගේ – ප්‍රාණ

Best MakeUp

සමරසිරි කඳානගේ – ඇල්බොරාදා
බුවනෙක රණවක – ප්‍රාණ
සාලිත ගුණවර්ධන – නයිට් රයිඩර්

Best Art Direction

බිමල් දුෂ්මන්ත – ඇල්බොරාදා
ධම්මික හේවාදුත්තව – ප්‍රාණ
ඇහැළියගොඩ සෝමතිලක – The Game

Best Costume Design

ප්‍රියාන් අරුණසිරි – The Game
මධුක මඩවල – රංකොල්ලා
ධම්මික හේවාදුත්තව – ප්‍රාණ

මීට අමතරව ප්‍රේක්ෂක මනාපයෙන් තෝරාගන්නා “ජනප්‍රසාදිනී” සම්මාන තුළින් ජනප්‍රියම රංගන ශිල්පියා, ජනප්‍රියම රංගන ශිල්පිනිය, ජනප්‍රියම හාස්‍ය රංගන ශිල්පියා, ජනප්‍රියම ගීතය වැනි ජයග්‍රහණ 05ක් පිරිනැමීමට නියමිතයි.

Most Popular Actor

අමිල කරුණානායක
බිමල් ජයකොඩි
ධනංජය සිරිවර්ධන
දිනේෂ් ද සිල්වා
හේමාල් රණසිංහ
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි
කළණ ගුණසේකර
කාවින්ග පෙරේරා
පුබුදු චතුරංග
රාහුල් රිශික
රන්ජන් රාමනායක
රොශාන් රණවන
සාරංග දිසාසේකර
විශ්ව ලංකා

Most Popular Actress

චතූ රාජපක්ෂ
චුලක්ෂි රණතුංග
දිල්හානි ඒකනායක
දිනිති වල්ගමගේ
මහේෂි මධුෂංකා
නයනතාරා වික්‍රමාරච්චි
නෙත්මි රොශේ
පබෝදා සංදීපනී
රශිපබා සංදීපනී
ශනුද්‍රි ප්‍රියසාද්
ටාෂි කාලිදාස
ටීනා ශෙනෙල්
තරින්දි ප්‍රනාන්දු
උපේඛා ස්වර්ණමාලි
යුරේනි නොෂිකා

Popular Actor in a Comedy Role

රොඩ්නි වර්ණකුල – ගින්දරී 03
මහේන්ද්‍ර පෙරේරා – ගින්දරී 03
බිමල් ජයකොඩි – ආශාවරී
ඩොනවන් අරුනාසලම් – ආදරණීය ප්‍රාර්ථනා
ගයාන් මාපලගම – The Game

Most Popular Actor in a Negative Role

ප්‍රියංකර රත්නායක – හිතුමතේ ජීවිතේ | ආශාවරී
සේමිණී ඉද්දමල්ගොඩ – ආශාවරී
හේමාල් රණසිංහ – සෙකන්ඩ් ශෝ
වසන්ත කුමාරවිල – The Game
බිමල් ජයකොඩි – සිනේ මා
කින්ග් රත්නම් – ප්‍රාණ
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – Happy Birthday

Most Popular Song

ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙන්,
සෞම්‍යවන්ත රෑ
සෙව්වන්දි පායා
තේරුනාදෝ විසල් ආදරේ
මල් සිත්තම්

රුහිරේ චිත්‍රපටයෙන්,
මොහොතින් මොහොතට

ආශාවරී චිත්‍රපටයෙන්,
සිත් ඇදි රූ චායා
දෙනෙත් හමු වූ දිනේ
සිතුම් පැතුම්

The Game චිත්‍රපටයෙන්,
අන්ද මන් වීලා
අහස ගුගුරා

Best Choreography

ගයාන් ශ්‍රීමාල් – ආශාවරී
සංඛ අබේසිංහ – The Game
හරින්දි ඩි සොයිසා – ආදරණීය ප්‍රාර්ථනා
ශ්‍රී ක්‍රිෂ් – Second Show

Share

186 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.