1921 සිව්වැනි පියවර ජනවාරියේ

Avatar Nisanka Weheraduwa | December 23, 2017 46 Views 0 Likes 0 Ratings

46 Views 0 Ratings Rate it

සිනමාලෝලීන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් 1921 ඉන්දීය සිනමාපට මාලාවේ හතරවැනි සිනමාපටය ජනවාරි මස නිකුත් වන බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වනවිට මෙහි පුරව ප්‍රචාරක පටය නිකුත් කොට තිබෙනවා. එළඹෙන ජනවාරි මස 12 වැනිදා සිනමාපටය නිකුත් කෙරෙන බව පැවසෙනවා. ත්‍රාසය සහිත 1921 කතා මාලාව Horror සිනමා කාණ්ඩයට අයත් වන්නක්. ප්‍රේක්ෂකයන් තිගැස්සෙන ලොමු දැහැගැන්වෙන ආකාරයේ කතාවක් මේ සිනමාපටයේත් අඩංගු වනවා. 1921 චිත්‍රපටය තිරරචනා කොට අධ්‍යක්ෂණය කලේ Vikram Bhatt විසින්. නිෂ්පාදනයත් ඔහුගෙමයි. Zarine Khan සහ Karan Kundra විසින් ප්‍රධාන චරිත ද්විත්වය නිරුපණය කොට තිබෙනවා. ත්‍රාසය භීතිය සහ කුතුහලය පිරි හොලිවුඩ් මට්ටමේ අපුරු සිනමාපටයක් රසවිඳින්න ඔබටත් එළඹෙන ජනවාරියේදී අවස්ථාවක් හිමිවනවා.

Share

46 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.