3D තහනම බොරුවක් – චිත්‍රපට සංස්ථාව කියයි

Avatar Nisanka Weheraduwa | December 26, 2018 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

ත්‍රිමාන සජීවිකරණ (3D) චිත්‍රපට ගෙන්වීම සහ බෙදාහැරිම සඳහා රෙගුලාසි පනවා ඇති බවට පසුගියදා පුවතක් වාර්තා වුනා. සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිර ගිය මෙම පුවත හේතුවෙන් සිනමාලෝලීන් දැඩි කම්පනයට පත්ව තිබුනා. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මෙලෙස සීමා පැනවීම හේතුවෙන් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපට මෙරටට ගෙන්වීම නවතා ඇති බවටයි මෙම පුවතින් වාර්තා වුනේ.

කෙසේ නමුත් මෙම තත්වය නිසා මේ දිනවල ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත වන Aquaman ත්‍රිමාන චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කෙරෙන්නේ 2D තාක්ෂණය මගින් බවටත් තොරතුරු වාර්තා කරනවා.

නමුත් මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික චිත්‍රපට සංස්ථාව නිවේදනය කර තිබෙනවා. චිත්‍රපට සිමා කිරීමක් හෝ තහනම් කිරීමක් සංස්ථාව හරහා කිසිදු අයුරකින් සිදුකොට නොමැති බව ජාතික චිත්‍රපට සංස්ථාවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කළා. එවැනි ප්‍රචාරයක් පසුගිය දිනවල පැතිර ගිය නමුත් එය සම්පුර්ණ සාවද්‍ය පුවතක් බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කොට සිටියේ. කෙසේ නමුත් එය චිත්‍රපට රසිකයින්ට යහපත් ආරංචියක් වනු ඇති.

Share

66 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.