“5සමත්” ඔබට ලඟම සිනමාහලෙන්

Avatar Nisanka Weheraduwa | December 13, 2017 166 Views 0 Likes 0 Ratings

166 Views 0 Ratings Rate it

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ “5සමත්” සිනමාපටය දැන් දිවයින පුරා රිද්මා මණ්ඩලයේ සිනමාහල් වලදී ප්‍රදර්ශනය කෙරෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ දුෂ්කර ගම්මානයක ජිවත් වුනු සමත්, කොළඹ පාසලකට ඇතුළත් වීමෙන් පසු මුහුණදෙන අත්දැකීම් පාදක කරගනිමින් මේ සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. නිව් ඉම්පීරියල් ටෝකිස් වෙනුවෙන්, අනුරාධ රැකව මේ සිනමාපටය නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. දිල්හානි ඒකනායක, උද්දික ප්‍රේමරත්න, සෙමිනි ඉද්දමල්ගොඩ, ශ්‍යාම් ප්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියන්ත සෙනවිරත්න, සරත් චන්ද්‍රසිරි, ඇතුළු ප්‍රවීන නළු නිලියන් රැසක් සමග නවක ළමා නළු නිළි  පිරිසක් මේ නිර්මාණයට දායක වනවා.  තමන් උපන් ගමට විදුලිය ලබාදීමේ හීනය සැබෑ කරගන්නට පුංචි සමත්, සමත් වෙයිද..? පාසල් නිවාඩු කාලයේ ඔබේ දරුවා සමග එක්ව සිනමාහලට ගොස් මේ අපුරු සිනමා නිර්මාණය රසවිඳින ලෙස 5සමත් නිෂ්පාදක කණ්ඩායම ආරාධනා කරනවා.

 

Share

166 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.