ALFA මාසික චිත්‍රපට දර්ශනය සහ සිනමා සංවාදය මෙවරත්
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (Active league for Art) සංවිධාන කරන මාසික සිනමා දැක්ම මෙවරත් සංවිධාන කොට තිබෙනවා. පසුගිය වතාවන් කිහිපයකදී චිත්‍රපට දර්ශනයක් සහ සිනමා සංවාදයක් පැවැත්වුනා. එම වැඩසටහන් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ අතර හොඳ ප්‍රේක්ෂක සහභාගිත්වයක් සහ අර්ථාන්විත සංවාදයක් පැවැත්වීමට හැකිවූ බව කලාව සඳහා ක්‍රියාකාරී ලීගයේ සංවිධායකයින් පවසනවා.
එම වැඩසටහන් මාලාවේ මෙවර වැඩසටහන ජුනි මස 24 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්. 24 වැනිදා සවස 4.00 සිට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. මෙවර සම්පත් දායකයා ලෙස අතුලසිරි සමරකෝන් සහභාගී වීමට නියමිතයි. “හොබේසියානු අරාජිකත්වය දිගේ මනුෂ්‍යත්වය සොයා” ලෙස මෙවර තේමාව නම්කොට තිබෙනවා. Mad max fury road චිත්‍රපටය තිරගත කිරීම සමග මෙම සංවාදය පැවැත්වීමට ALFA සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
මෙවර තිරගත වන Fury road චිත්‍රපටය බොහෝ දෙනා Mad max 4 ලෙසත් හඳුන්වනවා. චිත්‍රපටයේ සම පිටපත් රචකයා, නිෂ්පාදකයා සහ අධ්‍යක්ෂවරයා වන්නේ George Millerයි. Brendon McCarthy සහ Nico Lathouris මෙහි තිර රචකයින් ලෙස දායකවී තිබෙනවා. Tom Hardy, Charlize Theron, NIcholas Hoult, Hugh Keays Byrne, Rosie Huntington, Riley Keough, Zoe Kravity චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඕස්ට්‍රේලියානු සහ ඇමෙරිකානු සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය මිනිත්තු 120ක ධාවන කාලයකින් යුක්තයි. ඇමරිකානු ඩොලර් 150ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කොට ඇති චිත්‍රපටය එවකට අතිශය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුනා. චිත්‍රපටය නරඹමින් සිනමා සංවාද මණ්ඩපයට එක්වන ලෙස කලාව සඳහා ක්‍රියාකාරී ලීගය ඇරියුම් කර සිටිනවා.
Written by Nisanka Weheraduwa

