ALFA මෙවර බූඩිගේ “නිම්නයක හුදෙකලාව” සමග

Avatar Nisanka Weheraduwa | July 7, 2018 183 Views 0 Likes 0 Ratings

183 Views 0 Ratings Rate it

“මාසික සිනමා සංවාද” වැඩසටහන ආරම්භ වෙලා දැන් මාස කිහිපයක් ගතවෙලා. ආරම්භයේ සිට මේ දක්වා විවිධ රටවල විවිධ භාෂාවන්ගෙන් යුතු විවිධ ශානරයන්ගේ චිත්‍රපට සමග විවිධ ක්ෂේත්‍රයන්හි පුද්ගලයින් එක්ක මේ වැඩසටහන පවත්වාගෙන යන්න ALFA කටයුතු කළා.  ALFA නැත්නම් කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මෙවරත් ඒ කියන්නේ ජූලි මාසයෙත් මාසික සිනමා සංවාද මණ්ඩපය පවත්වන්න සුදානම්. මෙවර සංවාදයට විෂය වෙන්නේ ශ්‍රී ලාංකීය චිත්‍රපටයක්. විශ්වනාත් බුද්ධික කීර්තිසේන නැත්නම් බූඩි කීර්තිසේනගේ “නිම්නයක හුදෙකලාව” චිත්‍රපටය.

නිම්නයක හුදෙකලාව චිත්‍රපටය නරඹන්නත් ඒ පිළිබඳව සංවාදයක් සිදුකරන්නත් මෙවර ALFA සිනමා සංවාද වෙන් කෙරෙනවා. දිනය ජූලි මාසේ 14 වැනි සෙනසුරාදාව. ස්ථානය ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරය. වෙලාව පුරුදු විදිහටම සවස 4.00ට. චිත්‍රපටය නරඹමු, ඊට පස්සේ කතා කරමු කියලයි කලාව සඳහා ක්‍රියාකාරී ලීගය මේ වැඩසටහන නම් කරන්නේ, මුලික අදහස් දැක්වීමට විදර්ශන කන්නන්ගර සමග චින්තන ධර්මදාස එකතු වෙනවා. මේ දෙදෙනාගේ අදහස් දැක්වීම් වගේම ප්‍රේක්ෂකයින්ටත් තමන්ගේ අදහස් දක්වන්න මේ වැඩසටහනේදී පුළුවන්. වඩා හොඳ සිනමා භාවිතයක් වෙනුවෙන් ALFA දරන වෑයමට එකතු වන්න සිනමාලෝලි ඔබට, අප අආරාධනා කරනවා.

Share

183 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.