හිත හොඳ අමීර්ට සතුරු කරදර

Avatar Cinema.lk A | March 18, 2014 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

අමීර් කාන් කියන්නේ ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයාට හුදු එක් නළුවෙක් විතරක් නෙවෙයි.ඔහු මුළු මහත් ඉන්දියානු සමාජයේ බොහෝ පිරිස් අදහන වන්දනීය චරිතයක් වෙලා.අමීර්ට මේ තැන ලැබුනේ අමීර්ගේ රංඟන කුසලතාවයක් නිසානම් නෙවෙයි.පොදුජනයාගේ දුක්ගැහැට වෙනුවෙන් නිර්භිතව මාධ්‍ය ඉදිරියේ තනිවම හඩක් නැඟු නිසාවෙන් තමයි අමීර් මේ විදියට සාමාන්‍ය ජනයා අතින් පැසසුම් ලබන්නේ.මේ විදියට අමීර් සමාජ අසාධාරණය ගැන කතා කරන්නේ “සත්‍යමේ ජ්‍යායතේ“ කියන වැඩසටහනෙනුයි.

මේ වැඩසටහන නිකම්ම නිකන් රූපවාහිනි වැඩසටහනක් වගේ පෙනුනට මේ වැඩසටහන නිසාවෙන් මේ වන විට විශාල වැඩකොටසක් අසරණ මිනිස්සු වෙනුවෙන් කෙරිලා තියෙනවා.රටේ බලසම්පන්න පුද්ගලයන් හා පවා නිර්භයව එකට එක පවා කතා කරමින් මේ වැඩසටහන කරන් යන නිසාවෙන් හුඟාක් වැරදි කරන මිනිස්සු මේ වන විට අමීර් කෙරෙහි වෛරයෙන් පසුවෙන හැඩයි.මොකද මෙහෙම කියන්නේ,මේ වන විට ඉන්දියාවේ අමීර් ගැන වැරදී තොරතුරු ඇතුළත් ෆේස් බුක් කටකතා පැතිර යනවා.අමීර්ට වෛර කරන පිරිසක් එකතු‍වෙලා පතුරුවාහරින මේ කටකතාවලින් කියවෙන්නේ අමීර් දුප්පතුන්ට උදව් කරන මුවාවෙන් මුදල් එකරැස් කර ඒ මුදල් වලින් මුස්ලිම් පල්ලී තනන බවයි.මොවුන් මේ විදියට පවසන්නේ “හි්‍යුමිනිටි ට්‍රස්ට්“ අරමුදල ගැනයි.සැබැවින්ම අමීර් ඒ අරමුදල මගින් මුදල් යොදවලා තියෙන්නේ බෙංගාලයේ රෝහලක් නඩත්තු කරන්න.කොහොම උනත් අමීර්ගේ සතුරන් දිගින් දිගටම කරන් යන මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය සම්බන්ධව අමීර් නීති මාර්ගයෙන් පවා කටයුතු කරලා තියෙනවා.

Share

40 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.