ඉතා ම හොඳි න් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඔවුන්ට සුබ පතනවා – අමිතාබ් බච්චන්

Avatar Cinema.lk A | April 9, 2014 41 Views 0 Likes 0 Ratings

41 Views 0 Ratings Rate it

ඉන්දීයාව කියන්නේ ක්‍රිකට් උන්මාදයෙන් පෙලෙන රටක්.පහුගිය දා පැවැතුණු විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පස්සේ ඉන්දියාවේ ඉන්න බොහෝ දෙනා හැසිරුනේ ඉතා අප්‍රසන්න විදියටයි.ශ්‍රී ලංකාව හමුවේ ඔවුන් ලද පරාජය ඉවසාගත නොහැකිව බොහෝ පිරිස් ඉතා අසෝබන ලෙස හැසිරි තිබුණා.හැබැයි මේ අතරේ එක් මහත්මාගති ඇති පුද්ගලයෙක් අපේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය පැසසුමට භාජනය කරලා තිබුණා.මේ පුද්ගලයා වෙනින් කවුරුවත් නෙවෙයි..ඉන්දියානු සිනමාවට එතෙක් මෙතෙක් කාලේකට පහළ වු ශ්‍රේෂ්ඨතම රංඟනවේදීයා වු අමිතාබ් බච්චන් තමයි මේ අයුරින් සුබපතලා තිබුණේ.තමන්ගේ පුද්ගලික බ්ලොග් අඩවියක සටහන් කර තිබුණු ඒ සටහන මේ අයුරින් තමයි තිබුණේ.

‘ශ්‍රී ලංකාව හමුවේ ලෝක කුසලානය අපෙන් ගිලිහුණා. ඒක ගැන කනගාටු යි.. ඒත් ලෝකයේ හොඳ ම කණ්ඩායම් සමග තරග කර අවසන් තරගයට සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම ගැන අප ආඩම්බර විය යුතු යි. ඉතා ම හොඳි න් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. ඔවුන්ට සුබ පතනවා…’

01

Share

41 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.