අනගාරික ධර්මපාල චරිතයෙන් චිත්‍රපට දෙකක්

Avatar Cinema.lk A | June 5, 2014 169 Views 0 Likes 0 Ratings

169 Views 0 Ratings Rate it

අනගාරික ධර්මපාලතුමන්ගේ සැබෑ තොරතුරු ඇසුරෙන් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මහාබෝධි සමාගම තීරණයකට එළඹ තිබේ.ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු මත පදනම්ව අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ආශ්‍රයෙන් චිත්‍රපට කිරීමට උත්සාහ කිරීම නිසා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අමෙරිකාව, ජපානය, තායිලන්තය, ලාඕසය, සියම, චීනය ඇතුළු රටවල් ගණනාවක බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ එතුමාණන් හට සිදු වන අගෞරවය වලක්වා ගැනිමේ අරමුණින් ධර්මපාල තුමාගේ නිවැරැදි තොරතුරු ඇතුළත් කොට මෙම චිත්‍රපටය නිපදවීමට මහාබෝධි සමාගම තීරණය කොට ඇත

මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය සුමිත් ගල්හේන විසින් සිදු කරන අතර විධායක අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර සම්බන්ධිකාරකවරයා වශයෙන් සමන් විරමන් කටයුතු කරයි. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. සංස්කරණය සහ ඩිජිටල් පරිඝණක කටයතු රවීන්ද්‍ර ගුරුගේගෙනි.

මෙ අතර සනත් අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අනගාරික ධර්මපාලතුමන්ගේ කතාව අනුසාරයෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයද පවතින්නේ පසු නිෂ්පාදන කටයුතු වලයි.පාලිත සිල්වා අනගාරික චරිතයට රංගනයෙන් එක්වන මෙහි ධනංජය සිරිවර්ධන, සඳුන් විජේසිරි, රුවංගි රත්නායක ඇතුළු රංගන ශිල්පීන් 500 කට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වී ඇත.

 

 

 

 

 

 

Share

169 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.